රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනගේ ජංගම දුරකථනය පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම භාරයට ගන්නා ලෙස එම කොමිසම නියෝග කර තිබෙනවා.
ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකයේ අධ්යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මහේෂ් වැලිකන්න වෙත අදාළ නියෝගය ක්‍රියාත්මක කරන ලෙස නියම කර තිබෙනවා.
