Advertise with Giraya
NEWS

20 වන සංශෝධන කෙටුම්පතේ අඩුපාඩු නිවැරදි කිරීමෙන් පසු යළි ගැසට් කිරීමට කටයුතු කරනවා – ඇමති විමල් වීරවංශ

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා දැනට ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇති 20 වන සංශෝධන කෙටුම්පතේ වෙනස්කම් කිරීමට රජය තීරණය කර ඇති බව අමාත්‍ය විමල් වීරවංශ ඊයේ (12) තහවුරු කළේය.

උත්සවයක් අමතමින් ඔහු සඳහන් කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකට වඩා නව රජයෙන් ජනතාව බලාපොරොත්තු වන්නේ පූර්ණ ව්‍යවස්ථා වෙනසක් බවයි. එහෙත් එතෙක් ගෙන ඒමට නියමිත සංශෝධනය සම්බන්ධයෙන් ද ආණ්ඩුවේම පාර්ශවයන් අතරින් විරෝධතා මතුව තිබීම පක්ෂ නායක රැස්වීමේ දී අගමැතිවරයාගේ අවධානයට ලක් කළ බව ඇමති විමල් වීරවංශ සඳහන් කළා.

ඒ අනුව ඒ සම්බන්ධයෙන් විධිමත් ආකාරයෙන් අධ්‍යයනය කිරීම සඳහා තමන් ද ඇතුළත්ව විශේෂ කමිටුවක් පත් කිරීමට අගමැතිවරයා කටයුතු කර ඇති බව විමල් වීරවංශ පෙන්වා දුන්නා.

එමගින් දැනට ගැසට් කර ඇති 20 වන සංශෝධනයේ ගැටළු සහගත අංශ කිහිපයක් සම්බන්ධයෙන් වෙනස් විය යුතු ආකාරය නිර්දේශ කිරීමට නියමිත බවත් ඉන්පසු එම සංශෝධන ද සහිත 20 වන සංශෝධන කෙටුම්පත යළි ගැසට් කිරීමටත් ආණ්ඩුව තීරණය කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නා.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top