Advertise with Giraya
NEWS

සමස්ත ආසාදිතයින් ගණන 3204ක්, ඉන් 2996කට සුවයි

ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොවිඩ් – 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත වූ පුද්ගලයින් ගණන අද (13) දින පස්වරු 12.30 වන විට 3204ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි.

ඒ, අද (13) දිනයේ දී ආසාදිතයින් 9 දෙනෙකු වාර්තා වීමත් සමඟයි. වාර්තා වූ ආසාදිතයින්ගෙන් 8 දෙනෙකු කටාර් සිට මෙරටට පැමිණි පුද්ගලයින් වේ.අනෙක් පුද්ගලයා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයෙකි.

සැප්තැම්බර් මාසයේ දී දෛනිකව වාර්තා වූ ආසාදිතයින් ගණන හා සුවය ලැබූ ගණන පහතින් දැක්වේ.

Giraya News Alerts

ඒ අනුව, අද (13) පෙරවරු 10.00ට වාර්තා වී ඇති රෝගීන් 3195 දෙනා අතරින්,

  • වෙනත් රටවල්වලින් පැමිණි (විදේශික) – 47
  • වෙනත් රටවල්වලින් පැමිණ (ලාංකික) – 1235
  • නාවික හමුදා සාමාජිකයින් සහ ආශ්‍රිතයින් – 950
  • කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථාන සාමාජිකයින් සහ ආශ්‍රිතයින් – 650
  • වෙනත් – 313

එමෙන්ම, අද (13) පෙරවරු 10.00 වන විට තවත් ආසාදිතයින් 13 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ අනුව, මෙරට වාර්තා වූ ආසාදිතයින්ගනේ 2996 දෙනෙකු සුවය ලබා ඇත. දැනට වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 196ක් වේ.

ඒ අනුව, මේ වන විට මෙරටින් වාර්තා වූ සමස්ත රෝගීන් 3204ක ප්‍රමාණයට සාපේක්ෂව සුවය ලැබූ ප්‍රමාණය 93.5%ක් ලෙස වාර්තා වේ. සක්‍රීය ආසාදිතයින් ප්‍රමාණය පසුගිය අගෝස්තු 04 වන දින 4.4% ලෙස සටහන් විය. අද (13) දිනයේ දී එය 6.1%ක් දක්වා වැඩි වී තිබේ. ජීවිතක්ෂයට පත් වූ ප්‍රමාණය 0.37%ක් ලෙස ද සටහන් වේ.

මේ දක්වා ශ්‍රී ලංකාවේ සිදු කර ඇති පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය 253,842ක් වේ. ශ්‍රී ලංකාවේ එක් දිනකදි සිදු කළ වැඩිම පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය වන 3518ක් වූ ප්‍රමාණය අගෝස්තු 18 වන දිනය තුළ දී සිදු කර ඇත. ඊයේ (12) දිනයේ දි සිදු කර ඇති පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය 2050ක් වේ.

වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරන අන්දමට අද (13) දින පෙරවරු 10.00 වන විට එම රෝහල්ගතව ප්‍රතිකාර ගනිමින් සිටි රෝගින් 187 දෙනාගෙන්,

ජාතික බෝවන රෝග විද්‍යායතනයේ 69ක් ද,
වැලිකන්ද මූලික රෝහලේ 75ක් ද,
ඉරණවිල රෝහලේ 34ක් ද,
මුල්ලේරියාව රෝහලේ 03ක් ද වශයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියි.
තවත් රෝගින් 6 දෙනෙකු රෝහල් වෙත යොමු කරමින් පවතියි.

එමෙන්ම, පුද්ගලයින්‍ 49ක් සැක සහිතව රෝහල්ගතව වෛද්‍ය අධික්ෂණය යටතේ පසුවේ. ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව 12කි. අවසාන වරට කොරෝනා මරණයක් මෙරටින් වාර්තා වූයේ දින 83කට පසුව අගෝස්තු 23 වන දිනයේ දී ය.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top