ශ්‍රී ලංකාවෙන් දැනට වාර්තා වී ඇති සමස්ත කොවිඩ් – 19 හෙවත් නව කොරෝනා ආසාදිතයින් ගණන 3195ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඊයේ (12) දිනය තුළ දී නව ආසාදිතයින් 26 දෙනෙකු හඳුනාගෙන ඇත.
හඳුනාගත් ආසාදිතයින් 26 දෙනාම විදෙස්ගතව සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයින් වේ. ඔවුන්ගෙන් 22 දෙනෙකු කටාර් සිට ද, දෙදෙනෙකු කුවේට් සිට ද, එක් අයෙක් ඉන්දියාවේ සිට ද, අනෙක් පුද්ගලයා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ද මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් වේ.
එමෙන්ම, ඊයේ (12) පෙරවරු 10.00 වන විට තවත් ආසාදිතයින් 14 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කළා. ඒ අනුව, වාර්තා වූ සමස්ත රෝගින් අතරින් 2983 දෙනෙකු ම සුවය ලබා ඇත.
දැනට වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 200 තවත් පුද්ගලයින් 39 දෙනෙකු සැක පිට වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවේ. ජීවිතක්ෂයට පත් වූ ගණන 12කි.
