Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

රියදුරු බලපත්‍ර හා වාහන අංක තහඩු තැපෑල හරහා නිවසටම ලබා දීමේ වැඩපිළිවෙලක්

රියදුරු බලපත‍්‍රය සහ නව වාහන අංක තහඩු තැපෑල හරහා නිවසටම ලබාදීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරන බව වාහන නියාමන, බස් රථ ප‍්‍රවාහන සේවා සහ දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගම පවසනවා. වාහනවල පැරණි අංක තහඩු මින් ඉදිරියට මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීමටද අවශ්‍ය නොවන බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා එම අංක තහඩු වාහන හිමිකරු විසින්ම පුළුස්සා විනාශ කිරීමේ වගකීම පවරන බව ද මෙහිදී සඳහන් කළා.

වාහන නියාමන, බස් රථ ප‍්‍රවාහන සේවා සහ දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගම මෙම අදහස් පළ කළේ, කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ය.

“පළාත් දෙකක් අතර වාහනයක් විකිණීමේදී අංක තහඩු වෙනස් කළ යුතු බවට වන නීතියක් මිට පෙර පනවා තිබුණා. එම නිතිය ඉවත් කර නව ක‍්‍රමවේදයක් සකස් කරන්න අප දැනටමත් කටයුතු ආරම්භ කර අවසන්. ලංකාව කියන්නේ විශාල ප්‍රාන්ත සහිත රටක් නොවේ. ඒ නිසා මෙවැනි නීති වලින් වෙන්නේ ජනතාවගේ මුදල් සහ කාලය අනවශ්‍ය විදිහට විනාශ වීමක්.

Giraya News Alerts

ඉදිරියේදී එන වාහන අංක තහඩුවල වාහන හිමිකරුගේ තොරතුරු ඇතුලත් චිපයක් සවිකරන්න අප බලාපොරොත්තු වෙනවා. එම චිපයට අල්ලන ස්කෑනර් යන්ත්‍රය මගින් අදාළ වාහනයේ හිමිකරුගේ තොරතුරු ඉතා පහසුවෙන් හඳුනා ගන්න හැකි” යැයි මෙහිදී රාජ්‍ය අමාත්‍යවරයා එහිදී පැවසුවා.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top