යෝජිත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් විශේෂඥ කමිටුවක් පත්කර තිබේ.
ජනාධිපති නීතිඥ නිහාල් ජයමාන්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම කමිටුවේ ජනාධිපති නීතිඥවරුන් 14 දෙනෙකු සහ තවත් නීතිඥවරුන් දෙදෙනෙකු සාමාජිකත්වය දරන බව එම සංගමය පැවසීය.
එමෙන්ම, ජනාධිපති නීතිඥ නිහාල් ජයමාන්නගේ සභාපතිත්වයෙන් යුත් එම කමිටුව විසින් ඉදිරිපත් කරනු ලබන වාර්තාව සහ නිර්දේශ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ, නීති කවුන්සිලය වෙත විසින් ඉදිරිපත් කරනු ලබන බව නීතිඥ සංගමයේ සභාපති, ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පවසනවා.
එම කමිටුව මෙසේය.
- ජනාධිපති නීතිඥ නිහාල් ජයමාන්න – සභාපති
- ජනාධිපති නීතිඥ ඉක්රම් මොහොමඩ්
- ජනාධිපති නීතිඥ එම්.එම්. සුහයිර්
- ජනාධිපති නීතිඥ එල්.එම්.කේ. අරුලානන්දම්
- ජනාධිපති නීතිඥ ප්රසාන්ත ලාල් ද අල්විස්
- ජනාධිපති නීතිඥ නිහාල් ජයවර්ධන
- ජනාධිපති නීතිඥ නාලින් ලද්දුවහෙට්ටි
- ජනාධිපති නීතිඥ මෛත්‍රි වික්‍රමසිංහ
- ජනාධිපති නීතිඥ උදිතා එගලහේවා
- ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ
- ජනාධිපති නීතිඥ මොහාන් වීරකෝන්
- ජනාධිපති නීතිඥ එස්.ටී. ජයනගා
- ජනාධිපති නීතිඥ ප්‍රියාල් විජයවීර
- ජනාධිපති නීතිඥ මයුරපාද ගුණවංෂ
- නීතිඥ රවී අල්ගම – කැඳවුම්කරු
- ශාන්ත ජයවර්ධන – කැඳවුම්කරු
අදාළ කමිටුව විසින් විධායක කමිටුව සහ නීති කවුන්සිලය විසින් ඉදිරිපත් කරනු ලබන අදහස් සැළකිල්ලට ගැනීමට නියමිතය.
යුක්තිය පසිඳලීමට බලපාන නීති ප්‍රමාදයන් සහ වෙනත් ආශ්රිත කරුණු විසඳීම සඳහා තවදුරටත් සංශෝධනය කිරීමේ අවශ්‍යතාවය පිළිබඳ සලකා බැලිය යුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බොහෝ අංශ පිළිබඳව කමිටුව මගින් අවධානය යොමු කරනු ඇත.
