Advertise with Giraya
NEWS

කෝටි තුනකට වැඩි මහජන මුදල් ගිලගත් යහපාලන දූෂණ මර්දන කමිටුව

පසුගිය යහපාලන රජය සමයේ එවකට අගමැති රනිල් වික්‍රමසිංහ විසින්, යහපාලන රජය බලයට ගෙන ඒමට උපකාර කළ පාර්ශව සම්බන්ධ කරගනිමින් ඔවුන්ට තනතුරු ලබා දෙමින් ඇති කළ දූෂණ මර්ධන කමිටුව මහජන මුදල් කෝටි තුනකට වැඩි ප්‍රමාණයක් ලබා ගෙන ඇතැයි යහපාලන රජය සමයේ සිදුවු දේශපාලන පලිගැනීම් සම්බන්ධව සොයා බලනා ජනාධිපති කොමිසම හමුවේ හෙළි විය.

එවකට අගමැති රනිල් විසින් ඇති කළ මෙම කමිටුවට දේශපාලන පක්ෂ වල සහ සිවිල් සංවිධාන නියෝජිතයන් පිරිසක් සාමාජිකයන් ලෙස පත් කර තිබූ මෙම කමිටුවට කැබිනට් මණ්ඩලයටත් ඉහළ බලතල හිමි විය. මෙම කමිටුව රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිවරයා සමඟ අරලියගහ මන්දිරයේ රැස්වීම් පැවැත්වීය.

එම කමිටුවේ වෙනුවෙන් වැටුප්, දීමනා හා සෙසු වියදම් වශයෙන් යහපාලන රජය ලබා දී තිබෙන මුදල රුපියල් තුන්කෝටි තිස්හත්ලක්ෂ දාහතරදහස් අටසිය හතක් (33714807.59)ක් වෙනවා.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top