Advertise with Giraya
NEWS

ආහාර වර්ජනයේ සිටි කංජිපානි ඉම්රාන් බූස්ස නාවික හමුදා රෝහලට

බූස්ස බන්ධනාගාරයේ විශේෂිත අංශයේ රඳවා සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කංජිපානි ඉම්රාන් නමැත්තා අද(11) බූස්ස නාවික හමුදා රෝහලට ඇතුළත් කළ බව බූස්ස බන්ධනාගාර අධිකාරී කාර්යාලය පවසයි.

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ඊයේ(10) සිට ආහාර වර්ජනයක නියැළීම හේතුවෙන් ඔහු අසනීප වී ඇති බවද, මේ හේතුවෙන් රෝහලට ඇතුළත් කර ඇති බවද එම කාර්යාලය කියයි.

මෙම තැනැත්තා සමග විශේෂ ගණයේ අපරාධකරුවෝ 37 දෙනෙකු ආහාර වර්ජනයේ නිරතව සිටි අතර පසුව එයින් දෙදෙනෙකු අද (11) වර්ජනයෙන් ඉවත් වී ඇත. දැනට ඔහු සමඟ 35 දෙනෙක් ආහාර වර්ජනයේ නිරතවී සිටිති.

Giraya News Alerts

සම්බන්ධිත පුවත්

බූස්සේ වර්ජනය නිරතවූවන්ගෙන් දෙදෙනෙක් ඉවත් වෙයි

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top