බූස්ස බන්ධනාගාරයේ ආහාර වර්ජනයේ නිරත වන රැඳවියන් අතරින් දෙදෙනෙකු ඉවත්ව තිබෙනවා. කෙසේවෙතත්, අනෙක් පිරිස තවදුරටත් ආහාර වර්ජනයේ නිරත වන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.
මෙලෙස ආහාර වර්ජනයේ නිරත වන්නේ විශේෂ ගණයේ රැඳවියන් පිරිසක් වන අතර වෙලේසුදා, පොඩි ලැසී, කංජිපානි ඉම්රාන් ඇතුළු රැදවියන් 37 දෙනෙකු මෙලෙස ආහාර වර්ජනයේ නිරත වන්නේ ඊයේ (10) උදෑසන සිටයි. කෙසේවෙතත්, පොට්ට නවුෆර්, ආමි සම්පත්, කැවුමා ඇතුළු 8 දෙනෙකු එම වර්ජනයට එක්ව නොමැති බව බන්ධනාගාර ආරංචි සඳහන් කරයි.
රැදවියන් පිරිසක් මෙලෙස ආහාර වර්ජනයේ නිරත වන්නේ ලබාදුන් දුරකථන පහසුකම ඉවත් කිරීම හා විශේෂ කාර්යය බලකාය විසින් සිදුකරන පරීක්ෂාවනට එරෙහිව මෙන්ම තමන්ට මාසිකව බන්ධනාගාරයෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට පනවා ඇති සීමාව රුපියල් 20,000 දක්වා වැඩි කිරීම ඇතුළු තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ය.
