Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

ඊයේ වාර්තා වූ ආසාදිතයින් ගණන 8ක්, සමස්තය 3155 දක්වා ඉහළට

ශ්‍රී ලංකාවෙන් දැනට වාර්තා වී ඇති සමස්ත කොවිඩ් – 19 හෙවත් නව කොරෝනා ආසාදිතයින් ගණන 3155ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ගත වූ පැය 24 තුළ දී නව ආසාදිතයින් අට දෙනෙකු හඳුනාගෙන ඇත.

හඳුනාගත් ආසාදිතයින් අට දෙනාම විදෙස්ගතව සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයින් වේ. ඔවුන්ගෙන් එක් අයෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ද, එක් අයෙක් සිංගප්පූරුවේ සිට ද, එක් අයෙක් කුවේට් සිට ද, අනෙක් පස් දෙනා මාලදිවයිනේ සිට ද මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් වේ.

එමෙන්ම, ඊයේ (10) පෙරවරු 10.00 වන විට තවත් ආසාදිතයින් 9 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කළා. ඒ අනුව, වාර්තා වූ සමස්ත රෝගින් අතරින් 2955 දෙනෙකු ම සුවය ලබා ඇත.

Giraya News Alerts

දැනට වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 188කි. තවත් පුද්ගලයින් 70 දෙනෙකු සැක පිට වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවේ. ජීවිතක්ෂයට පත් වූ ගණන 12කි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top