Advertise with Giraya
FOREIGN

බේරූට් නගරයේ ගින්නක්

ලෙබනනයේ බේරූට් වරායේ විශාල ගින්නක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා. මෙම ගින්න ඇතිවීමට හේතුව කුමක්ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිතව කරුණු අනාවරණය වී නොමැති බව අල් ජසිරා ප්‍රවෘත්ති සේවය වැඩිදුරටත් සඳහන් කර කරයි.

නමුත්, ලෙබනනයේ හමුදාව පවසන පරිදි වරාය ආසන්නයේ තෙල් හා ටයර් ගබඩාවක මෙම ගින්න මුලින්ම හටගෙන ඇති වී තිබෙනවා.

බේරූට් වරායේ මිට මාසයකට පමණ පෙර ඇතිවූ විශාල පිපිරීම හේතුවෙන් පුද්ගලයින් 190 කට අධික සංඛ්‍යාවක් ජිවිතක්ෂයට පත්ව තවත් 6000 කට අධික පිරිසක් තුවාල ලැබුවා. ඇති වී තිබෙන ගින්න පාලනය කිරිම සඳහා හෙලිකොප්ටර් මෙන්ම ගිනි නිවීමේ භටයින් ද යොදාගෙන පියවර ගනිමින් සිටියි.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top