Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සැකී ජබ්බාර් අභිරහස් ලෙස මිය යයි

‘ද අයිලන්ඩ්’ පුවත්පතේ නියෝජ්‍ය ප්‍රවෘත්තී කර්තෘවරයකු වශයෙන් සේවය කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සැකී ජබ්බාර් පැලවත්තේ පිහිටි සිය නිවසේ අභිරහස් ලෙස මියගොස් සිටියදී ඊයේ (09) රාත්‍රියේ දී සොයාගෙන තිබෙන බව වාර්තා වේ.

සිය සොහොයුරා සම්බන්ධයෙන් කලක සිට ආරංචියක් නොවීම හේතුවෙන් ජබ්බාර්ගේ සොයුරා පැලවත්ත නිවසට පැමිණ ඇති අතර එහිදී නිවසෙන් කිසිඳු ප්‍රතිචාරයක් නොවීම මත නිවසේ ජනේලයකින් නිවසකට ඇතුළු වී තිබෙනවා. එහිදී සැකී ජබ්බාරගේ සිරුර නාන කාමරයට අසළ වැටී තිබෙන බවත් සිරුරෙන් දුගඳක් වහනය වන බවත් නිරීක්ෂණය කර ඇති සොයුරා වහාම තලංගම පොලීසිය වෙත පැමිණිලි කර තිබෙනවා.

පසුව තලංගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නලින්ද දිල්රුක් ඇතුළු පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට පැමිණි පරීක්ෂණ ආරම්භ කර තිබිණි.

Giraya News Alerts

60 හැවිරිදි සැකී ජබ්බාර් අවිවාහකයෙකු වන අතර බත්තරමුල්ල පැලවත්ත, පීරිස් මාවතේ නිවසක හුදෙකලාව ජීවත් වී ඇති අයෙකු වන අතර ඔහු සම්බන්ධයෙන් සති දින 20කින් පමණ කිසිඳු තොරතුරක් ලැබී නැත. සැකී ජබ්බාර් ඉකුත් අගෝස්තු 19 වැනි දින අවසන් වරට අන්තර්ජාලයේ සිට ඇති අතර පසුව පෙරේදා වනතෙක්ම ඔහු සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැත. එසේම සිරුර සොයා ගන්නා තෙක්ම ඔහු නිවස තුළ මියගොස් ඇති බවට කිසිවකු දැනසිට නොමැති බව ද තලංගම පොලිසිය පවසයි.

සිරුරේ ලක්ෂණ අනුව ඔහුගේ මරණය මීට සතියකට පමණ පෙර සිදුවන්නට ඇතැයි සැක කෙරෙන බවත් එසේම නිවසේ සියලු දොර ජනෙල් වසා තැබීම හේතුවෙන් සිරුරේ දුගද නිවසෙන් පිටතට වහනය වී නොමැති බවත් පොලිසිය සඳහන කරයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top