Advertise with Giraya
NEWS

අගමැතිගේ යෝජනාව ක්‍රියාත්මක වීමට මාසයක ප්‍රමාදයක් !

ගවයින් ඝාතනය කිරිම නතර කිරිමේ තීරණය මසකින් කල් දැමීමට තීරණය කළ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කර සිටිනවා.

අගමැති මහින්ද රාජපක්ෂ විසින් පසුගියදා (08) පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් ගේ රැස්වීමට එම යෝජනාව ඉදිරිපත් කළ අතර එයට මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත හිමිවූ බවත් ඇමතිවරයා එහිදී සඳහන් කළා.

මෙලෙස ගව ඝාතනය තහනම් කිරිමේ තීරණය මසකින් කල් දැමීමට හේතු වී ඇත්තේ, ඒ සම්බන්ධයෙන් වෙනත් පාර්ශව සම්බන්ධයෙන් සාකච්ජා කිරිමට අවශ්‍ය නිසා බව මෙහිදී ඇමතිවරයා වැඩිදුරටත් පැවසුවා.

Giraya News Alerts

අගමැතිවරයාගේ මෙම තීරණය පිළිබඳව බහුතර ජනතාවගේ පැසසුමට ලක් විය. එමෙන්ම, මෙරට තුළ ගව ඝාතනය තහනම් කිරීම සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට මහා සංඝරත්නයේ ආශිර්වාදය හිමිවන බව අස්ගිරි පාර්ශවයේ අනු නායක පූජ්‍ය වෙඬරුවේ උපාලි හිමියන් ද පැවසූහ. අග‍්‍රාමාත්‍යවරයා ගෙන ආ එම යෝජනාවට පක්ෂ විපක්ෂ සියලූ දෙනා සහයෝගය ලබාදිය යුතු බව ද උන්වහන්සේ සඳහන් කළහ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top