Advertise with Giraya
NEWS

බූස්සේ රැඳවියෝ 39ක් ආහාර වර්ජනයක

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් බූස්ස බන්ධනාගාරයේ විශේෂ අංශයේ රඳවා සිටින රැඳවියන් 45 දෙනාගෙන් 39 දෙනෙකු අද (10) උදෑසන සිට ආහාර වර්ජනයක් ආරම්භ කර ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග වාර්තා කරයි.

රැඳවියන් බැලීමට එන කාන්තාවන් පිරිමි නිලධාරින් ඉදිරියේ පරීක්ෂා කිරීම,කොරෝනා වයිරසයේ බලපෑම හේතුවෙන් ඥාතීන් හමුවිමට නොහැකි නිසා ලබාදී තිබු දුරකතන පහසුකම් ඉවත් කිරීම, ආපන ශාලාවෙන් අමතර ආහාර සහ වෙනත් දේවල් ලබා ගැනීම සඳහා මාසයකට අනුමත කර ඇති රුපියල් 8,000 ප්‍රමාණවත් නොවීම වැනි කරුණු මූලික කරගනිමින් ඔවුහු ආහාර වර්ජනය කරති.

නීතිඥවරුන් හමුවිමට දැනට ලබාදෙන විනාඩි 30 කාලය පැයක් දක්වා වැඩි කරන ලෙසත් ඔවුහු ඉල්ලා සිටිති.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top