Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

කොරොනා මරණ ආදාහනයට එරෙහිව ගොනු කළ පෙත්සම සලකා බැලීමට දින නියම කරයි

කොරෝනා වෛරසය ආසාදනය වී මරණයට පත් වන පුද්ගලයන්ගේ මළ සිරුරු ආදාහනය කළ යුතු බවට නිකුත් කර ඇති ගැසට් නිවේදනය අභියෝගයට ලක්කරමින් හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් ඇතුළු පාර්ශ්වයන් කිහිප දෙනෙකු ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් නොවැම්බර් මස 26 වැනි දා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (09) දින ලබා දුන්නා.

මෙම පෙත්සම් අද විනිසුරු සිසිර ද ආබෲ ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැදවන ලදි.

මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙසට නම් කර ඇති සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරාය වෙත නොතීසි ලැබී නොමැති බැවින් ඔවුන් වෙත යළි නොතීසි නිකුත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා.

Giraya News Alerts

මෙම පෙත්සමෙන් සෞඛ්‍ය ඇමැති පවිත්‍රා වන්නිආරච්චි, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්, සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා ,සහ නීතිපතිවරයා වගඋත්තරකරුවන් ලෙසට නම් කර තිබෙනවා.

කෝවිඩ් වසංගතයට ගොදුරු වී මියගිය අයගේ සිරුරු සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ සඳහන් කරමින් ඉකුත් අප්‍රේල් මස 11වැනිදා ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බවත් ඊට අනුව මියගිය අයගෙ සිරුරු ආදාහනය කළ යුතු බව සදහන් වන බව පෙත්සම්කරුවන් පවසා සිටියි.

කෙසේවෙතත්, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කර ඇති මාර්ගෝපදේශ මාලාව අනුව එම සිරුරු ආදාහනය කිරීම හෝ මිහිදන් කිරීමට හැකියි. එසේ තිබියදී මෙරට සිදුවන මරණ ආදාහනය කිරීම ඉස්ලාම් භක්තිකයන්ගෙ විශ්වාසයන්ට පටහැනි බව පෙත්සම්කරුවන් පවසා සිටියි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top