දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයා බවට පත් වීමට ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් සමත්ව තිබෙනවා. ඒ, ජර්මනියේ ඊයේ (08) පැවති ජාත්‍යන්තර මළල ක්‍රීඩා තරඟාවලිකයදී ය.
එම තරඟාවලියේ දී මීටර් 100 පිරිමි ධාවන ඉසව්ව යුපුන් අබේකෝන් ජයගත්තේ තත්පර 10.16 ක දක්ෂතාවයක් වාර්තා කරමින් ය. එය නව ශ්‍රී ලංකා වාර්තාවක් ද වනවා.
මීට පෙර දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයා සහ මීටර් 100 ධාවන ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාවට හිමිකම් කීවේ හිමාෂ ඒෂාන් ය. ඒ , 2016 වසරේ ඉන්දියාවේ ගුවාතිහී දී පැවති 12 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී තත්පර 10.22ක දක්ෂතාවයක් වාර්තා කරමින් ය.
එම තරඟයේ විඩියෝ දර්ශන පහතින්.
