Advertise with Giraya
NEWS

කාන්තා රැඳවියෙක් බන්ධනාගාරයෙන් පලා යයි

කළුතර බන්ධනාගාරයේ රඳවා සිටි කාන්තා රැඳවියෙක් ඊයේ (08) දිනයේ දී බන්ධනාගාරයෙන් පැනගොස් තිබෙනවා. පැනගිය කාන්තා රැඳවිය යළිත් හොරණ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.

පොලීසිය සිදුකළ විමර්ශනයකදී අදාළ රැඳවිය හොරණ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කළුතර උතුර පොලීසිය සඳහන් කළේය.

හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර සිටි කාන්තාවක් මෙලෙස බන්ධනාගාර සිවිලිම කඩාගෙන ඊයේ (08) පස්වරුවේ පළාගොස් තිබුණි. කළුතර පමුණුගම ප්‍රදේශයේදී අදාළ කාන්තාව පසුගියදා හෙරොයින් මිලිග්‍රෑම් 1300ක් සමග කළුතර උතුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු බන්ධනාගාර ගත කර තිබේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top