ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන මේ වන විට 3140ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශ සඳහන් කරයි. ඒ, ඊයේ (08) දිනයේ දී නව ආසාදිතයින් 17දෙනෙකු වාර්තා වීමත් සමඟයි.
එම අට දෙනා අතරින් 9දෙනෙකු කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි රැඳවියන් වේ. ඒ අනුව, කන්දකාඩු පොකුරේ වාර්තා වූ සමස්ත ආසාදිතයින් ගණන මේ වන විට 650ක් ලෙස සටහන් වේ.
ඒ අනුව, කන්දකාඩු පොකුරේ වාර්තා වූ ආසාදිතයින්ගේ ගණන මෙසේ ය.
- පුනරුත්ථාපනය වන රැඳවියන් – 529
- කාර්ය මණ්ඩලය – 67
- ආරාධිත කාර්ය මණ්ඩලය – 05
- කාර්ය මණ්ඩලය ළඟින් ඇසුරු කළ පුද්ගලයින් – 48
- වැලිකඩ රැඳවියාගේ ආශ්‍රිතයින් – 01
වාර්තා වූ අනෙක් ආසාදිතයින් හත් දෙනාගෙන් හය දෙනෙකු කටාර් සිට ද, දෙදෙනෙක් කුවේට් සිට ද මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් වේ.
එමෙන්ම, ඊයේ (08) පෙරවරු 10.00 වන විට තවත් ආසාදිතයින් 09 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව, වාර්තා වූ ආසාදිතයින්ගෙන් සුවය ලැබූ ගණන 2935ක් වේ.
දැනට වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 193කි. තවත් පුද්ගලයින් 37 දෙනෙකු සැක පිට වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවේ. ජීවිතක්ෂයට පත් වූ ගණන 12කි.
