Advertise with Giraya
NEWS

වෛද්‍ය සභාව මගින් පිළිගෙන තිබූ රුසියානු විශ්වවිද්‍යාල 3ක් ඉවත් කිරීමෙන් වෛද්‍ය සිසුන් දැඩි අපහසුතාවයකට

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් අනුමත කර වෛද්‍ය උපාධිය පිරිනමන රුසියානු විශ්වවිද්‍යා 3ක් අනුමත ලේඛනයෙන් ඉවත් කිරීම හේතුවෙන් වෛද්‍ය සිසුන් රැසක් අපහසුතාවයට පත්ව සිටින බව වාර්තා වේ.

ඒ යටතේ මෙරට උසස් පෙළ විභාගයට පෙනී සිට ඉන් ඉහල සුදුසුකම් ලබා ශිෂ්‍යත්ව මත රුසියානු විශ්වවිද්‍යාල 3ක ඉගෙනුම ලබමින් සිටි සිසුන් මෙමගින් අපහසුතාවයට පත්ව සිටින අතර ඉදිරියේ දී අදාළ ශිෂ්‍යත්වය හිමි වීමට නියමිතව සිටි සිසු සිසුවියන් 40කට පමණ මේ වසරේ දී අදාළ රුසියානු ශිෂ්‍යත්ව අහිමිවීමේ තත්වයක් මතුව ඇති බව ද එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.

2020 ජුනි 26 වන දින පැවති ශ්‍රී ලංකා වෛද්‍ය සභා රැස්වීමේදී මෙතෙක් අනුමැතිය ලබාදී තිබූ විදේශීය වෛද්‍ය විද්‍යාල රැසක් ඉවත් කර ඇති අතර ඊට පූර්ණ ශිෂ්‍යත්ව ලබා දෙන රුසියානු විශ්වවිද්‍යාල 3ක් ද ඉවත් කර තිබෙනවා.

අනුමැතිය ලබාදී ඇති එකම රුසියානු වෛද්‍ය විද්‍යාලය (I.M. Sechenov First Moscow State Medical University) ද එම්.ඩී. උපාධිය සඳහා පමණක් අනුමත කර ඇති අතර එමගින් පූර්ණ වෛද්‍ය ශිෂ්‍යත්ව ශ්‍රී ලංකාවට ලබා නොදෙන බව අගතියට පත් සිසු සිසුවියන් පෙන්වා දෙයි.

ඉවත් කර ඇති විශ්වවිද්‍යාල වන්නේ

Pirogov Russian National Research Medical University, Tver State Medical University, Peoples’ Friendship University of Russia

මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලේඛකාධිකාරී වෛද්‍ය ආනන්ද හපුගොඩ පවසා ඇත්තේ, අනුමත විදෙස් විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් වසර පහකට වරක් කරන පසු විපරමකින් පසු කවර විශ්වවිද්‍යාල ඉවත් කර කවර විශ්වවිද්‍යාල තවදුරටත් තබාගත යුතුද යන්න තීරණය කරන බවයි. එලෙස ඉවත් කරන දිනය වන විටත් අධ්‍යාපන ලබමින් සිටින සිසුන්ට වෛද්‍ය සභාවේ ලියාපදිංචිය සම්බන්ධයෙන් ගැටලුවක් ඇති නොවන බවද ලේඛකාධිකාරීවරයා වැඩිදුරටත් පවසා තිබෙනවා.

මේ අතර එක් සිසුවිය ඒ සම්බන්ධයෙන් කරන ලද විමසීමක දී ලේඛකාධිකාරිවරයා පවසා ඇත්තේ 2020.06.26 දින පැවති රැස්වීමේ දී ජනතා මිත්‍රත්ව විශ්වවිද්‍යාලය වෙත ලබා දී තිබූ පිළිගැනීම අවසන් කර ඇති බවයි.

slmc-letter-to-sevmi-himaya-sammani

මේ අතර, රුසියාවේ අධ්‍යාපනය ලැබ මෙරට රජයේ රෝහල්වල සේවයකරන වෛද්‍යවරුන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ඇතැමුන් තුළ කාලාන්තරයක් පුරා කෝන්තරයක් හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවට රුසියාවේ අධ්‍යාපනය ලැබ ශ්‍රී ලංකාවේ සේවය කරන වෛද්‍යවරුන් චෝදනා කර සිටී.

අපහසුතාවයට පත් සිසුන් පෙන්වා දෙන්නේ 2020 වසරේ දී රුසියානු රජය මගින් ශ්‍රී ලංකාවට පූර්ණ ශිෂ්‍යත්ව හතළිහක් පිරිනමා ඇති අතර වෛද්‍ය විද්‍යාව සඳහා ද පූර්ණ ශිෂ්‍යත්ව 5ක් ලබා දී ඇති බවයි. මෙම සඳහා සුදුසුකම් සහිත ශිෂ්‍ය ශිෂ්‍යාවන් තෝරාගනු ලබන්නේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියේ අයදුම්පත් ප්‍රකාශයට පත්කරමින් බව ද ඔවුන් පෙන්වා දෙයි.

එබැවින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් මෙලෙස ගෙන ඇති තීරණය නැවත සළකා බලන ලෙස එම ශිෂ්‍යත්වලභින් ජනාධිපතිවරයාව වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා තිබෙනවා.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top