Advertise with Giraya
NEWS

තම ජනතාව වෙනුවෙන් වෙනම පරිපාලන දිස්ත්‍රික්කයක් ඉල්ලූ බවට රවුෆ් හකීම් පිළිගනී

මෙරට ජීවත්වන මුස්ලිම් ජනතාවට වෙනම පරිපාලන දිස්ත්‍රික්කයක් අවශ්‍ය බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී තිබූ බවත්, තම පක්ෂය එම මතයේ අදටත් රැඳී සිටින බවත් එහි නායක රවුෆ් හකීම්ප වසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (07) පස්වරුවේ සාක්ෂි ලබාදෙමිනි.

මෙරට ජීවත්වන දමිළ බස කතාකරන මුස්ලිම් ජනතාවට වෙනම පරිපාලන දිස්ත‍්‍රික්කයක් අවශ්‍ය බවට දිගු කලෙක සිට සිදුකෙරෙන එම ඉල්ලීම, 2015 ජනාධිපතිවරණය අවසානයේ එවකට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහට ද ඉදිරිපත් කළ බව ඔහු වැඩිදුරටත් එහිදී පවසා තිබෙනවා.

එසේම, පාස්කු ප්‍රහාරය රට තුළ අස්ථාවරත්වයක් නිර්මාණය කිරීම සඳහා සහරාන් ඇතුළු පිරිස ඉත්තන් කරගනිමින් වෙනත් අදිසි බලවේගයක් විසින් මෙහෙයවන ලද්දක් බවත්, මාධ්‍ය නොමැති අවස්ථාවක තමාට ඒ පිළිබඳව ජනාධිපති කොමිසම දැනුවත් කළ හැකි බවත් හකීම් පැවසුවා.

එමෙන්ම, පාස්කු ඉරුදින ප‍්‍රහාරයෙන් පසු සයින්දමරුදු නිවසක සිදුවු පිපිරීම් මාලාවෙන් මියගිය සහරාන් හෂීම්ගේ සොහොයුරු රිල්වාන් හෂීම් සමග හිටපු අමාත්‍ය රවුෆ් හකිම් සහ ශ‍්‍රී ලංකා මුස්ලීම් කොංග‍්‍රසයේ නියෝජිතයින් සිටි අයුරු දැක්වෙන මාධ්‍ය මගින් විකාශය කළ ඡායාරූප සහ විඩියෝ දර්ශන පෙළ සම්බන්ධයෙන් ජනාධිපති කොමිසම ඊයේ (07) විමර්ශනය කළා.

එහිදී, ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ හිටපු නැගෙනහිර පළාත් සභා මන්ත‍්‍රී සිබ්ලි ෆාරුක් පැවසුවේ අදාළ ඡායාරූප, 2015 මහමැතිවරණයෙන් පසු එම් එල් ඒ එම් හිස්බුල්ලා, ජාතික ලැයිස්තු මන්ත‍්‍රීවරයෙකු ලෙස නම් කිරීමත් සමග ඇතිවු ගැටුමෙන් තුවාල ලැබු සිය පාක්ෂික ගර්භනි කාන්තාවක් බැලීමට මඩකලපුව මහ රෝහලට ගිය අවස්ථාවේ අහම්බෙන් සිදුවු හමුවීමක ඡායාරූප බවයි.

කෙසේවෙතත්, ඊයේ පස්වරුවේ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන්, එම ඡායාරූප වල සිටින මොහොමඞ් සියාඞ් නම් කාන්තන්කුඩියේ නාගරික මන්ත‍්‍රීවරයෙකු කියා සිටියේ අදාළ දිනයේ හිටපු අමාත්‍ය රවුෆ් හකීම් සහ සිබ්ලි ෆාරුක් රෝහලට ගියේ තුවාල ලබා සිටි ගර්භනි කාන්තාවක් බැලීමට නොව සෘජුවම සහරාන් හෂීම්ගේ සොහොයුරු රිල්වාන් හෂීම් බැලීමට බවයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top