Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

මන්නාරමෙන් තවත් කහ තොගයක් සොයා ගනියි

ඉන්දියාවේ සිට නීතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද වියළි කහ කිලෝ 1379යි ග්‍රෑම් 960ක් ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම, ශාන්තිපුරම් ප්‍රදේශයේ දී ඊයේ (07) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලුණු විකිණීමට රැගෙන යන මුවාවෙන් එම කහ තොගය මීගමුව ප්‍රදේශයට රැගෙනයමින් සිටිය දී පොලීසියට ලැබුණ තොරතුරක් මත සිදුකළ වැටලීමක දී අත්අඩංගුවටගෙන ඇත.

නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ සිට එම කහ තොගය ධීවර බෝට්ටු තුළ සඟවා තලෙයිමන්නාරම හා මන්නාරම ප්‍රදේශයට රැගෙනවිත් ඇති බව වාර්තා වේ. අත්අඩංගුවට ගත් සැකකරු මන්නාරම, උප්පුකුලම ප්‍රදේශයේ පදිංචි 42 හැවිරදි පුද්ගලයෙකි.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top