Advertise with Giraya
NEWS

සෞදි අරාබියේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයින්ට එරට රජයෙන් සහනයක්

වීසා බලපත් කල් ඉකුත්වීම හේතුවෙන් සෞදි අරාබියේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයින්ට කිසිදු ගාස්තුවක් හෝ දඩ මුදලක් ගෙවීමකින් තොරව එරටින් පිටවීම සඳහා සෞදි අරාබි රජය අවසර ලබා දී තිබේ.

කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් සෞදි අරාබියේ පිටවීමට නොහැකි වු ශ්‍රී ලාංකිකයින් මුහුණදෙන තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් සෞදි අරාබි රජය මෙම තාවකාලික පියවර ගෙන ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

දෙරට අතර දැනට පවතින ශක්තිමත් ද්වීපාර්ශවික සබදතාවන්හි ප්‍රතිඵලයක් ලෙස සෞදි අරාබි රජය මෙම සහනය ලබා දී තිබේ.

ඒ අනුව, වලංගු හෝ කල්ඉකුත් වූ සංචාරක වීසා බලපත්‍රයක් නැවත ඇතුළුවීමේ වීසා බලපත්‍රයක් හෝ අවසාන පිටවීමේ වීසා බලපත්‍රයක් ඇති ඔනෑම ශ්‍රී ලාංකිකයෙකුටම එරටින් පිටත්ව යන විට දී කිසිදු ගාස්තුවක් හෝ දඩ මුදලක් ගෙවීමකින් තොරව පිටවීමට අවසර හිමිවනු ඇත.

සෞදි අරාබියේ තවදුරටත් රැඳී සිටින ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයින්ගේ සුබසාධනය වෙනුවෙන් එරට රජය ගත් මෙම තීරණය විදේශ සබදතා අමාත්‍යාංශය ද ඇගයීමට ලක්කර තිබේ. විදෙස්ගතව සිටින ශ‍්‍රී ලාංකික ශ‍්‍රමියකයින් 50,000 කට අධික පිරිසක් නැවත දිවයිනට පැමිණීමට ලියාපදිංචි වී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top