Advertise with Giraya
POLITICS

20 වන සංශෝධනය පරාජය කරන්න සමගි ජනබලවේගය තීරණය කරයි

20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ වීමට හා එය පරාජය කිරීමට කොන්දේසි විරහිතව කටයුතු කිරීමට සමගි ජනබලවේගය අද (07) තීන්දු කළා.

ඒ සමගි ජනබලවේගයේ මන්ත‍්‍රී කණ්ඩායම, විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප‍්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ කමිටු ශාලා අංක 2 දී අද රැස්වූ අවස්ථාවේ දී ය. පාර්ලිමේන්තු මන්ත‍්‍රී බුද්ධික පතිරණ විසින් ඒ පිළිබඳ යෝජනාව ඉදිරිපත් කළ අතර කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී අශෝක් අබේසිංහ විසින් එය ස්ථීර කරනු ලැබුවා.

19 වන ව්‍යවස්ථා සංශෝධනයේ ඇති ප‍්‍රජාතන්ත‍්‍රවාදී මූලධර්ම වඩාත් ශක්තිමත් කර එය ඉදිරියට රැගෙන යාම සිය ස්ථාවරය බව සමගි ජනබලවේගයේ මන්ත‍්‍රි කණ්ඩායම මෙහිදී තීන්දු කර ඇත.

එමෙන්ම, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට එරෙහිව සමගි ජනබල වේගය ඉදිරියේදි නීතිමය පියවර ගන්නා බව එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රි තිස්ස අත්තනායක ප‍්‍රකාශ කළා.

මේ අතර ‘‘19න් ඉදිරියට’’ තේමාව කර ගනිමින් ජනතා විරෝධතාවයක් සමගි ජනබලවේගය විසින් හෙට දිනයේ සංවිධාන කර තිබෙනවා. හෙට සවස 4ට ජපන් මිත‍්‍රත්ව මාවතේ පිහිටි පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ පිළිරුව අසලදී මෙය පැවැත්වෙන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රි ඉරාන් වික‍්‍රමරත්න අද (07) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසුවා.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top