Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

ඩුබායි සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයෙක් රෝහල්ගත කිරීමෙන් පසු ජීවිතක්ෂයට

නුවරඑළිය නගරයේ පිහිටි සංචාරක හෝටලයක නිරෝධානයට යොමු කර සිටි එක්දරු පියෙකු ජිවිතක්ෂයට පත් වී ඇති බව නුවරඑළිය මහ රෝහලේ ආරංචි මාරග වාර්තා කරයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ ජා-ඇල කොටුගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි සුබ්‍රමණියම් ආනන්දකුමාර් (56) නැමැති එක්දරු පියෙකි. මෙම පුද්ගලයා ඩුබායි රාජ්‍යයේ පෞද්ගලික ආයතනයක මානව සම්පත් අංශයේ නිලධාරියෙකු වශයෙන් සේවය කරමින් සිටියදි කොවිඩ්- 19 වෛසරය පැතිර යාමේ අවදානමට ප්‍රථම මොහු රැකියාවෙන් ඉවත් වී දිවයිනට පැමිණිමේ අපෙක්ෂාවෙන් ඩුබායි රාජ්‍යයේ රැඳී සිට තිබුණා.

දිවයිනට පැමිණීමට ගුවන් පහසුකම් නොමැති නිසා ඉකුත් 01 වැනි දින දිවයිනට පැමිණ ඇති සුබ්‍රමණියම් ආනන්දකුමාර් නුවරඑළිය පිහිටි තරු පහේ සංචාරක හෝටලයක නිරෝධානයට යොමු කර තිබෙනවා.

Giraya News Alerts

සුබ්‍රමණියම් ආනන්දකුමාර් හදවත් රෝගී සහ දියවැඩියාව රෝගයෙන් පෙලුණු අයෙකු බවත් ඔහු දිවයිනට පැමිණිමට ප්‍රථම ඔහුගේ පාදයක තිබු තුවාලයකට විෂබීජ ඇතුල් වීම නිසා ඉකුත් 02 වැනි දින නුවරඑළිය මහ රෝහල වෙත ඇතුළත් කර සිටියදී මෙලෙස ජිවිතක්ෂයට පත් වී ඇති බවත් වාර්තා වෙයි.

මිය ගිය සුබ්‍රමණියම් ආනන්ද කුමාර්ගේ අවසන් කටයුතු පවුලේ ඥාතින්ගේ සහභාගිත්වයෙන් අද (07) දින නුවරඑළිය නාගරික ආදාහනාගාරයේදි කොවිඩ් -19 වැළදුණු රොගියෙකු ආදාහනය කරන ක්‍රියාපටිපාටියට අනුකූලව නුවරඑළිය රෝහලේ කාර්යය මණ්ඩලය විසින් සිදු කරන්නට පියවර ගෙන තිබුණා.

ඉකුත් මස 31 සහ මේ මස 01වැනි දින ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට පැමිණි 389 දෙනෙකු නුවරඑළිය නගරයේ පිහිටි තරු පහේ සංචාරක හෝටල් තුනක නිරෝධානයට යොමු කර ඇති අතර ඉන් දෙදෙනෙකු කොවිඩ් -19 වෛසරය අසාධනය වි ඇති නිසා එම රෝගීන් දෙදෙනා අංගොඩ බෝවන රෝග විද්‍යායතනය වෙත යොමු කර තිබෙනවා.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top