Advertise with Giraya
Giraya NewsGiraya News
ENTERTAINMENT

තවත් බොලිවුඩ් තරු දෙකකට කොරෝනා වැළඳිලා

ලොව පුරා රටවල් අතරින් කොරෝනා ආසාදිතයින් වැඩිම පිරිසක් වාර්තා වන රටවල් අතර මේ වන විට ඉන්දියාව දෙවැනි ස්ථානයේ පසුවේ. ගත වූ පැය 24 තුළ දී ඉන්දියාවෙන් ආසාදිතයින් 90,000 සීමාව ඉක්මවා ගිය දෙවැනි දිනය ලෙස ඊයේ (06) දිනයේ දී ආසාදිතයින් 91,723ක් වාර්තා විය.

මේ අතර, බොලිවුඩයේ රංගන ශිල්පීන් රැසකටත් ප්‍රසිද්ධ පුද්ගලයින් කිහිපදෙනෙකුටත් කොරෝනා වෛරසය ආසාදිත බවට තහවුරු විය. බොලිවුඩ් රංගන ශිල්පීන් වන අර්ජුන් කපූර් හා මල්ලිකා අරෝරා යන දෙපළට ද කොවිඩ් 19 වෛරසය ආසාදිතව ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

මීට පෙර, බච්චන් පවුලේ අමිතාබ් බච්චන්, අභිෂේක් බච්චන්, අයිශ්චර්යා රායි සහ දියණියටද කොරෝනා ආසාදිත වී ඇති බවට තහවුරු විය. එමෙන්ම, ගායන ශිල්පිනි කනිකා කපූර්, බොලිවුඩ් රංගන ශිල්පීන් වන ජනීලියා ඩි සූසා, රාජු කේර්, කරීම් මොරානි, හිමාන්ෂ් කෝහිල්, කිරන් කුමාර් යන අයට ද කොරෝනා අසාදිත බවට තහවුරු විය.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top