MTNew Diamond නෞකාවේ ගින්න මේ වන විට සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බව නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න පවසයි. MTNew Diamond නෞකාවේ ගින්න සම්බන්ධයෙන් අද (06) නීතිපතිවරයා සමග පැවැත්වූ සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් නාවික හමුදාපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත් , නිව් ඩයමන්ඩ් නෞකාව මේ වන පවතින ස්ථානයේ උෂ්ණත්වය මත නැවතත් ගින්න ඇතිවීමේ අවදානමක් තිබෙන බවද නාවික හමුදාපතිවරයා එහිදී පැවසීය.
ගිනිගත් නැව මේ වන විට නාවික සැතපුම් 33ක් නැගෙනහිර දිශාවට වන්නට ගැඹුරු මුහුදු ප්‍රදේශයේ රඳවා තිබෙනවා. නෞකාවේ කාර්ය මණ්ඩලයේ නිලධාරින්ට සිය ඥාතීන් සමඟ දුරකථනයෙන් සම්බන්ධ වීමට අවශ්‍ය පහසුකම් ද අද ලබා දුන් බව ද නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සඳහන් කළා.
ගිනි ගැනීමට ලක් වූ නිව් ඩයමන්ඞ් නෞකාවේ වාණිජ හිමිකරු වන ග්‍රීසියේ ඇතෑන්ස් නුවර පිහිටි නිව් ෂිපින් ලිමිටඞ් ආයතනය විසින් ආපදා ගැලවුම්කාර පාර්ශවය ලෙස පත් කර ඇත්තේ සිංග්පුරුවේ සිට ක්‍රියාත්මක වන ස්මිත් සිංගප්පූර් ප්‍රයිවට් ලිමිටඞ් නැමැති ජාත්‍යන්තර ආයතනයක්.
එමෙන්ම, මුදාගැනීමේ මෙහෙයුම් විශේෂඥයින්, ආපදා තක්සේරුකරුවන් හා නීති උපදේශකයෙකු ඇතුළු බි්‍රතාන්‍ය හා නෙදර්ලන්ත විශේෂඥයින් පිරිසක් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටපුලෙන් අද(06) පෙරවරුවේ දිවයිනට පැමිණියා. ඒ, නෞකාවේ ආපදා කළමනාකරණය කටයුතු විමර්ශනය කර ඉදිරි කටයුතු සැළසුම් කළ යුතු ආකාරය සම්බන්ධයෙන් අවශ්‍ය නිර්දේශ ලබාදීමට නියමිතයි. විශේෂඥ කණ්ඩායම මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපල පරිශ්‍රයේදි පි.සි.ආර් පරීක්ෂණවලට ලක් කිරීමෙන් අනතුරුව කල්මුණේ නාවික හමුදා කඳවුරට රැගෙන ගොස් තිබෙනවා.
නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න පාලනය සදහා සැපයුම් සේවා සදහා ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් විශාල නෞකා 05ක් සහ වේග ප්‍රහාරක යාත්‍රා 10ක් මෙන්ම ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් නෞකා දෙකක් ද යොදවා තිබෙනවා.
මීට අමතරව ඉන්දියානු වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් නෞකා පහක්, ඉන්දියානු නාවික හමුදාවට අයත් යුද නෞකාවක්, අපදාවට පත් නෞකාව අයත් සමාගම මගින් යෙදවු ටග් යාත්‍රා 03ක් මෙම මෙහෙයුමට දායකත්වය වී ඇති සෙසු යාත්‍රායි. මෙහෙයුම අතරතුර ඉන්ධන නෞකාවෙන් තෙල් විසිරිමක් සිදුවුවහොත් ඒ සම්බන්ධයෙන් ක්‍රියා කළ හැකි ඉන්දීය නාවික හමුදාව සතු නෞකාවක්ද මේ අතර වනවා.
මේ අතර ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක, ගෲප් කපිතාන් දුෂාන්ත් විජේසිංහ කියා සිටියේ අද දිනයේ බෙල් 212 වර්ගයේ යානයකින් කිලෝග්‍රෑම් 1000ක රසායනික ද්‍රව්‍ය කුඩු පළමු වතාවට මෙම ඉන්ධන නෞකාවට ඉසිනු ලැබූ බවයි.
සම්බන්ධිත පුවත්
- ඩයමන්ඩ් නෞකාවේ කපිතාන් ඇතුළු කාර්යමණ්ඩලයට එරෙහිව නීතිමය පියවර ගැනීමට සාකච්ඡාවක්
- ‘නිව් ඩයමන්ඩ්’ නෞකාව ගොඩබිමේ සිට නාවික සැතපුම් 40ක් දුරට රැගෙන යයි
- ‘නිව් ඩයමන්ඩ්’ නෞකාවෙන් තෙල් කාන්දුවක් වුවහොත් ගන්නා පියවර
