Advertise with Giraya
NEWS

නිධන් හාරන්න ගිය උප පොලිස් පරීක්ෂක ඇතුළු 8ක් පොලීසියට

වවුනියාව , පූවරසකුලම , අර්බානගර් හි ඉඩමක නිදන් හාරමින් සිටි උප පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු පුද්ගලයින් 8 දෙනකු අත්අඩංගුවට ගත් බව පූවරසකුලම් පොලිසිය සඳහන් කරයි.

පොලිස් ස්ථානයට ලැබුණ 119 දුරකථන ඇමතුමක් අනුව පූවර්සන්කුලම පොලිසිය ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ වැටලීමකදී සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන තිබේ. එමෙන්ම, සැකකරුවන් නිදන් හෑරීම සඳහා උපයෝගීකරගත් සවල්,උදළු හා කැණීම් උපකරණ රැසක් හා පූජාභාණ්ඩ ද පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව පොලීසිය ප්‍රකාශ කරයි.

අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරයා කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයුක්තව සේවය කරන අයකු වන අතර සැකකරුවන් නිදන් හෑරිම සඳහා පැමිණ තිබූ සුඛෝපභෝගී මෝටර් රථ දෙකක් ද අත්අඩංගුවටගත් බව පොලිසිය පවසයි්‍.

Giraya News Alerts

නිදන් හෑරීම සිදුකළ ඉඩම අත්අඩංගුවයට පත් සැකකරුවකුට අයත් බවට අනාවරණයවී ඇති අතර සැකකරුවන් එහි තිබී ගොඩගැනීමට උත්සහ කොට ඇත්තේ ඉපැරණි පුරාවස්තු හෝ එල්.ටි.ටි.ඊ ත්‍රස්ත සංවිධනය විසින් සඟවා තිබූ රත්‍රං බවට පොලිසිය සැකපල කරති.වැටලීම සිදුකරන අවස්ථාවේ නිදන් හෑරූ ස්ථානයට උප පොලිස් පරීක්ෂකවරයා විසින් ආරක්ෂාව ලබාදෙමින් සිටි බවද පොලිසිය පැවසීය.

සැකකරුවන් අතුරුගිරිය, අකුරැස්ස, ගම්පහ ප්‍රදේශයේ පදිංචි අවුරුදු 27ත් 55ත් අතර වයසේ පසුවන්නන් වන අතර සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා පාදුක්ක , පොල්වත්ත ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි අයකු වේ. අත්අඩංගුවටගත් සැකකරුවන් , මෝටර් රථ හා නිදන් හෑරිමට යොදාගත් උපකරණ වවුනියාව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

වවුනියාව පූවරසන්කුලම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top