Advertise with Giraya
NEWS

කන්දකාඩු පොකුරේ ඉතිරිව ඇත්තේ තවත් ආසාදිතයින් 14ක් පමණයි

ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොවිඩ් – 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත වූ පුද්ගලයින් ගණන අද (06) දින පෙරවරු 10.00 වන විට 3121ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි.

ගත වූ පැය 24 තුළ දී නව ආසාදිතයින් 6 දෙනෙකු හඳුනාගෙන ඇති අතර එයින් එක් අයෙකු කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි රැඳවියෙක් වේ. ඒ අනුව, මේ වන විට කන්දකාඩු පොකුරෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 641ක් වේ.

  • පුනරුත්ථාපනය වන රැඳවියන් – 520
  • කාර්ය මණ්ඩලය – 67
  • ආරාධිත කාර්ය මණ්ඩලය – 05
  • කාර්ය මණ්ඩලය ළඟින් ඇසුරු කළ පුද්ගලයින් – 48
  • වැලිකඩ රැඳවියාගේ ආශ්‍රිතයින් – 01

එසේම, කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයට සම්බන්ධ පුද්ගලයින් 626 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් තිබෙනවා. ඒ අනුව ඊට සම්බන්ධව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 14 කට සීමාවී ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

ඒ අනුව, අද (06) පෙරවරු 10.00ට වාර්තා වී ඇති රෝගීන් 3121 දෙනා අතරින්,

  • වෙනත් රටවල්වලින් පැමිණි (විදේශික) – 46
  • වෙනත් රටවල්වලින් පැමිණ (ලාංකික) – 1171
  • නාවික හමුදා සාමාජිකයින් සහ ආශ්‍රිතයින් – 950
  • කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථාන සාමාජිකයින් සහ ආශ්‍රිතයින් – 641
  • වෙනත් – 313

එමෙන්ම, අද (06) පෙරවරු 10.00 වන විට තවත් ආසාදිතයින් 7 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ අනුව, මෙරට වාර්තා වූ ආසාදිතයින්ගනේ 2925 දෙනෙකු සුවය ලබා ඇත. දැනට වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 184ක් වේ.

ඒ අනුව, මේ වන විට මෙරටින් වාර්තා වූ සමස්ත රෝගීන් 3121ක ප්‍රමාණයට සාපේක්ෂව සුවය ලැබූ ප්‍රමාණය 93.7%ක් ලෙස වාර්තා වේ. සක්‍රීය ආසාදිතයින් ප්‍රමාණය පසුගිය අගෝස්තු 04 වන දින 4.4% ලෙස සටහන් විය. අද (06) දිනයේ දී එය 5.9%ක් දක්වා වැඩි වී තිබේ. ජීවිතක්ෂයට පත් වූ ප්‍රමාණය 0.38%ක් ලෙස ද සටහන් වේ.

මේ දක්වා ශ්‍රී ලංකාවේ සිදු කර ඇති පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය 239,907ක් වේ. ශ්‍රී ලංකාවේ එක් දිනකදි සිදු කළ වැඩිම පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය වන 3518ක් වූ ප්‍රමාණය අගෝස්තු 18 වන දිනය තුළ දී සිදු කර ඇත. ඊයේ (05) දිනයේ දි සිදු කර ඇති පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය 2297ක් වේ.

වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරන අන්දමට අද (06) දින පෙරවරු 10.00 වන විට එම රෝහල්ගතව ප්‍රතිකාර ගනිමින් සිටි රෝගින් 184 දෙනාගෙන්,

  • ජාතික බෝවන රෝග විද්‍යායතනයේ 71ක් ද,
  • වැලිකන්ද මූලික රෝහලේ 83ක් ද,
  • ඉරණවිල රෝහලේ 25ක් ද,
  • මුල්ලේරියාව රෝහලේ 03ක් ද වශයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියි.
  • තවත් රෝගීන් දෙදෙනෙකු රෝහල් වෙත යොමු කරමින් පවතියි.

එමෙන්ම, පුද්ගලයින්‍ 57ක් සැක සහිතව රෝහල්ගතව වෛද්‍ය අධික්ෂණය යටතේ පසුවේ. ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව 12කි. අවසාන වරට කොරෝනා මරණයක් මෙරටින් වාර්තා වූයේ දින 83කට පසුව අගෝස්තු 23 වන දිනයේ දී ය

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top