අද (06) දිනයේ දී දිවයිනේ වැසි සහ සුළං තත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසනවා.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර බස්නාහිර සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල මාතර මුලතිව් සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වර්ෂාපතනයක් ඇති වීමේ හැකියාව පවතිනවා.
දිවයින හරහා විටින් විට හමන පැයට කිලෝමීටර් 50ක් 60ක් පමණ තරමක තද සුළං ඇතිවිය හැකියි.
මේ හේතුවෙන් කඳුකර ප්‍රදේශවල නායයයෑම් ඇතිවිය හැකි අතර, පහත් බිම් ජලයෙන් යටවිය හැකි බවත්, මාර්ග අසල ඇති විශාල ගස් ගැලවී යා හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සඳහන් කරයි.
දිවයින වටා ඇති මුහුදුබඩ ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 45ක් 55ක් පමණ වන අතර විටින් විට සුළඟේ වේගය පැයට කිලෝමීටර 70ක් දක්වා ඉහළ යා හැකිය. මේ හේතුවෙන් එම මුහුදු ප්‍රදේශ රළු හෝ ඉතා රළු වීමේ හැකියාව පවතිනවා.
මෙම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදීම අදාළ කාලය තුළ අනතුරුදායන වන අතර මේ පිළිබඳ ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙසට ධීවර සහ නාවික ප්‍රජාවගෙන් කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව ඉල්ලා සිටියි.

