බිත්තරයක මිල හෙට (07) සිට රුපියල් 2 කින් අඩුකිරීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය එකඟ වී තිබේ.
ඒ, සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ නිළධාරීන් සහ අග්‍රාමාත්‍යවරයා අතර ඊයේ (05) තංගල්ලේ, කාල්ටන් නිවසේදී පැවති සාකච්ඡාවකින් අනතුරුවය. එහිදී බිත්තර නිෂ්පාදකයින්ගේ ගැටලු සම්බන්ධයෙන් අගමැතිවරයා සමග සාකච්ඡා කර තිබේ.
ඒ අනුව සුදු බිත්තරයක තොග මිල රුපියල් 19.50ක් සහ රතු බිත්තරයක තොග මිල රුපියල් 20ක් ද වන අතර, සුදු බිත්තරයක සිල්ලර මිල රුපියල් 21ක් සහ රතු බිත්තරයක සිල්ලර මිල රුපියල් 22ක් ද වන බව සමස්ථ ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති ආර්.එම්.සරත් පැවසීය.එමෙන්ම කිසිදු බිත්තර හිඟයක් නොමැති බවත් ඔහු ප්‍රකාශ කළේය.
