Advertise with Giraya
NEWS

කන්දකාඩු පොකුරේ ආසාදිතයින් ගණන 641 දක්වා ඉහළට

ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන මේ වන විට 3121ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශ සඳහන් කරයි. ඒ, ගත වූ පැය 24 තුළ දී නව ආසාදිතයින් 6 දෙනෙකු වාර්තා වීමත් සමඟයි.

එම හය දෙනා අතරින් එක් අයෙක් කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි රැඳවියෙක් වේ. ඒ අනුව, කන්දකාඩු පොකුරේ වාර්තා වූ සමස්ත ආසාදිතයින් ගණන මේ වන විට 641ක් ලෙස සටහන් වේ.

ඒ අනුව, කන්දකාඩු පොකුරේ වාර්තා වූ ආසාදිතයින්ගේ ගණන මෙසේ ය.

Giraya News Alerts
  • පුනරුත්ථාපනය වන රැඳවියන් – 520
  • කාර්ය මණ්ඩලය – 67
  • ආරාධිත කාර්ය මණ්ඩලය – 05
  • කාර්ය මණ්ඩලය ළඟින් ඇසුරු කළ පුද්ගලයින් – 48
  • වැලිකඩ රැඳවියාගේ ආශ්‍රිතයින් – 01

වාර්තා වූ අනෙක් ආසාදිතයින් පස්දෙනාගෙන් තිදෙනෙකු ඉන්දියාවේ සිට, එක් අයෙක් බහරේන් සිට ද, අනෙක් පුද්ගලයා කටාර් සිට ද මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් වේ.

එමෙන්ම, ඊයේ (05) පෙරවරු 10.00 වන විට තවත් ආසාදිතයින් 11 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව, වාර්තා වූ ආසාදිතයින්ගෙන් සුවය ලැබූ ගණන 2918ක් වේ.

දැනට වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 191කි. තවත් පුද්ගලයින් 79 දෙනෙකු සැක පිට වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවේ. ජීවිතක්ෂයට පත් වූ ගණන 12කි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top