Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

බලංගොඩ – හැටන් ප්‍රධාන මාර්ගයේ බැකෝ යන්ත්‍රයක් පෙරලෙයි

බැකෝ යන්ත‍්‍රයක් ප‍්‍රධාන මාර්ගය හරහා පෙරලී යාමෙන් හැටන් – බලංගොඩ ප‍්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වී තිබෙනවා. පින්නවල පුුදුකාඩු ප‍්‍රදේශයේ මාර්ග පුළුල් කිරීමේ කටයුතු සිදු කරමින් තිබූ බැකෝ යන්ත‍්‍රයක් මෙලෙස අද (05) දහවල් මාර්ගය හරහා පෙරලී ගොස් ඇති බවයි පින්නවල පොලීසිය සඳහන් කළේ.

ඒ හේතුවෙන්, හැටන් – බලංගොඩ ප‍්‍රධාන මාර්ගය හරහා හැටන්, බලංගොඩ, බගවන්තලාව, මාරතැන්න, වාලෙයිබොඩ සහ ඇඹිලිපිටිය යන ප‍්‍රදේශ දක්වා රථවාහන ගමනාගමනයට දැඩි ලෙස බාධා එල්ල වුණා. මාර්ගයේ ගමනාගමන කටයුතු කඩිනමින් යථා තත්වයට පත් කිරීමට පියවර ගනිමින් සිටින බව පින්නවල පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top