ඉන්දියාවෙන් වාර්තා වී ඇති සමස්ත කොරෝනා වෛරසය ආසාදිතවූවන්ගේ සංඛ්‍යාව ඊයේ (04) දිනයේ දී මිලියන 4 සීමාව ඉක්මවා ගියා. ඒ අනුව, මේ වන විට ඉන්දියාවෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 4,023,179ක් ලෙස සටහන් වේ.
ගත වූ දින 13 ඇතුළත ඉන්දියාවෙන් ආසාදිතයින් මිලියනයක් වාර්තා වීම විශේෂත්වයකි. එය අඩුම කාලයක් තුළ දී එක් රටකින් ආසාදිතයින් මිලියනයක් වාර්තා වූ අවස්ථාව බව ‘ටයිම් ඔෆ් ඉන්දියා’ පුවත්පත වාර්තා කරනවා. ඉන්දියාවේ පළමු කොරෝනා ආසාදිතයන් මිලියනය, මිලියන දෙක දක්වා වැඩිවීමට දින 21 ක් ගතවූ අතර, මිලියන තුන වාර්තාවූයේ දින 16 කින් ය.
එමෙන්ම, අඛණ්ඩව තුන්වැනි දිනයටත් ලොව වැඩිම කොරෝනා ආසාදිතයින් ගණන ඊයේ (04) දිනයේ දී ඉන්දියාවෙන් වාර්තා විය. ඒ අනුව, ගත වූ පැය 24 තුළ දී ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයින් 87,800ක් වාර්තා වී තිබෙනවා. ඉන්දියාවේ කොරෝනා වෛරසය හේතුවෙන් මිය ගිය පුද්ගලයින් ගණන 69,635ක් වේ. ගත වූ පැය 24 තුළ දී වෛරසය හේතුවෙන් ඉන්දියාවේ පුද්ගලයින් 1066ක් මියගොස් තිබෙනවා.
දැනට ලොව පුරා ආසාදිතයින් මිලියන 26කට අධික ප්‍රමාණයක් වාර්තා වී ඇති අතර පුද්ගලයින් 878,334 දෙනෙකු වෛරසය හේතුවෙන් මිය ගොස් ඇත. තවමත් ලොව වැඩිම ආසාදිතයින් ගණනක් වාර්තා වී ඇති ඇමරිකා එක්සත් ජනපදය වැඩිම ආසාදිතයින් ගණනක් වාර්තා වූ රටවල් අතර පළමු තැන සිටියි. දෙවැනි ස්ථානයේ පසුවන්නේ බ්‍රසීලයයි.
