Advertise with Giraya
Gossip

රංජිත් මද්දුමබණ්ඩාරව පසුපසට දමා මනෝ හා දිගම්බරන් ඉදිරිපෙළට

සමගි ජනබලවේගය කළ ඉල්ලීම අනුව රංජිත් මද්දුමබණ්ඩාරට සහ කබීර් හෂීම් යන එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට පාර්ලිමේන්තු සභා ගර්භයේ විපක්ෂයේ ඉදිරිපෙළ අසුන් වෙන් කළ නොහැකි බව පාර්ලිමේන්තු බලධාරීන් එම පක්ෂය වෙත දැනුම් දී ඇතැයි වාර්තා වනවා.

නව පාර්ලිමේන්තුවේ අසුන් පැනවූ අවස්ථාවේදී එම මන්ත‍්‍රීවරුන් දෙදෙනාට ඉදිරිපෙළ අසුන් හිමිව තිබුණා. එලෙස ආසන පැනවීමෙන් පසු සමගි ජනබලවේගය ඉල්ලීමක් කළේ, එම බලවේගය නියෝජනය කරන පක්ෂ නායකයින් වන පී දිගම්බරන්ට සහ මනෝ ගනේෂන්ට ද විපක්ෂයේ ඉදිරිපෙළ අසුන් ලබා දෙන ලෙසයි.

එම ඉල්ලීම අනුව පී දිගම්බරන් සහ මනෝ ගනේෂන් යන මන්ත‍්‍රීවරුන්ට විපක්ෂයේ ඉදිරිපෙළ අසුන් හිමි වූ අතර ජ්‍යෙෂ්ඨ මන්ත‍්‍රීවරුන් වන රංජිත් මද්දුමබණ්ඩාරට සහ කබීර් හෂීම්ට විපක්ෂයේ දෙවනපෙළ අසුන් පැනවීමට සිදු වුණා. කෙසේ වෙතත්, ඉන් අනතුරුව සමගි ජනබලවේගය කළ ඉල්ලීම අනුව රංජිත් මද්දුමබණ්ඩාර සහ කබීර් හෂීම් යන මන්ත‍්‍රීවරුන්ට විපක්ෂයේ ඉදිරිපෙළ අසුන් වෙන් කළ නොහැකි බව පාර්ලිමේන්තු බලධාරීන් එම පක්ෂය වෙත දැනුම් දී තිබෙනවා.

Giraya News Alerts

අවශ්‍ය නම් එම බලවේගය නියෝජනය කරන පී දිගම්බරන් සහ මනෝ ගනේෂන් යන මන්ත‍්‍රීවරුන් දෙදෙනාට වෙන් කර ඇති ඉදිරිපෙළ අසුන් රංජිත් මද්දුමබණ්ඩාර සහ කබීර් හෂීම් යන මන්ත‍්‍රීවරුන්ට ලබාදිය හැකි බව ද පාර්ලිමේන්තු බලධාරීන් එම පක්ෂය වෙත දැනුම් දී තිබෙනවා

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top