ශ්‍රී ලංකාවෙන් වාර්තා ඇති සමස්ත කොවිඩ් -19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිතවූවන්ගේ සංඛ්‍යාව මේ වන විට 3115ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. ඒ, ඊයේ (04) දිනය තුළ නව ආසාදිතයින් 04 දෙනෙකු වාර්තා වීමත් සමඟ ය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව වාර්තා කරන පරිද එම වාර්තා වූ ආසාදිතයින් සියළුදෙනා ම විදෙස්ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් වේ. ඔවුන්ගෙන් එක් අයෙකු ඊශ්‍රායලයේ සිට ද, දෙදෙනෙකු ඉන්දියාවේ සිට ද මෙරටට පැමිණි පුද්ගලයෙක් වේ. අනෙක් පුද්ගලයා පිලිපීන ජාතික නාවිකයෙකි.
එමෙන්ම, ඊයේ (04) පෙරවරු 10.00 වන විට තවත් ආසාදිතයින් 18 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කළා. ඒ අනුව, මෙරටින් වාර්තා වූ ආසාදිතයින්ගෙන් 2907 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇත.
ඒ අනුව, දැනට වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 196 ක් ලෙස වාර්තා වේ. තවත් පුද්ගලයින් 41 දෙනෙකු සැක පිට වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්ගතව පසුවේ. ජීවිතක්ෂයට පත් වු ආසාදිතයින් ගණන 12කි.
