Advertise with Giraya
FEATURES

20 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ ඇතුළත් වැදගත් කරුණු

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය සඳහා ඉදිරිපත් වී ඇති පනත් කෙටුම්පත අතිවිශේෂ ගැසට් පත්‍රයක් මඟින් ප්‍රසිද්ධියට පත් කර තිබෙනවා.

අගෝස්තු 28 දිනැතිව, සැප්තැම්බර් 02 දින නිකුත් කළ ගැසට් පත්‍රයෙන් ප්‍රසිද්ධ කළ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සඳහා සැප්තැම්බර් 02 දින පැවති කැබිනට් රැස්වීමේ දී අධිකරණ අමාත්‍ය අලි සබ්රි විසින් අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා ගෙන තිබුණි.

සැප්තැම්බර් මස මැද වන විට 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ද නියමිතය.

Giraya News Alerts

මේ අතර, පනත් කෙටුම්පත අනුව ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවත් පාර්ලිමේන්තුව තුළින් පමණක් සම්මත කළ හැකි බවත් නීතිපතිවරයා විසින් අධිකරණ අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත දැනුම් දී තිබේ.

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතෙහි අඩංගු විශේෂ කරුණු කිහිපයකි. එහි 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙහි ඇතුළත් කර තිබූ තොරතුරු දැන ගැනීමේ අයිතිය, ජනාධිපතිවරයාට දෙවරකට වඩා ජනාධිපතිවරණයකට තරඟ කළ නොහැකි වීම, හා ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ නිල කාලය වසර 05කට සීමා කිරීම යන කරුණු පමණක් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට ඇතුළත් කර ඇති අතර අනෙකුත් කරුණු සියල්ලම අහෝසි කර තිබේ.

ඒ අනුව, 20 වැනි සංශෝධනයෙන් අලුතින් එකතු වී ඇති කරුණු මෙසේය.

  • 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් හඳුන්වා දුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අහෝසි වන අතර ඔවුන්ට ස්වාධීන කොමිෂන් සභාවලට සාමාජිකයින් පත්කිරීමට ඇති අයිතිය ද අහෝසි වේ.
  • අගවිනිසුරුවරයා, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්, අභියාචනාධිකරණ සභාපතිවරයා හා එහි විනිසුරුවරුන්, නීතිපති, පොලිස්පති, විගණකාධිපති, ඔම්බුඩ්ස්මන් ඇතුළු රජයේ ඉහළ නිලතලවලට පුද්ගලයින් පත්කිරීම මින් ඉදිරියට ජනාධිපතිවරයා යටතට පැවරේ.
  • පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට වසර 4 1/2 යනතුරු නොහැකිය යන වගන්තිය ඉවත් වී පාර්ලිමේන්තුව වසරක් ගතවූ පසු විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට යළි අවස්ථාව හිමිවේ.
  • අමාත්‍ය මණ්ඩලය පත් කිරීමේ දී ජනාධිපතිවරයා අගමැතිගේ උපදෙස් මත සිදුකළ යුතු යන වගන්තිය ද අහෝසි වේ.
  • අමාත්‍ය මණ්ඩලය 30කට සහ කැබිනට් නොවන අමාත්‍යවරුන් 40 සීමාව ඉක්මවා නොයා යුතුයි යන වගන්තිය ද ඉවත් වේ.
  • ද්විත්ව පුරවැසියන්ට ජනාධිපතිවරණයට සහ පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කළ නොහැක යන වගන්තිය ද මේ යටතේ අහෝසි වන තවත් වැදගත් කරුණකි.
  • ජනාධිපතිවරයාට අග්‍රාමාත්‍යවරයා සහ අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් ඉවත් කිරීමටත්, ඔවුන් සතු විෂයන් සහ අමාත්‍යාංශ තමා යටතේ තබා ගැනීමටත්, 20 වන සංශෝධන පනත් කෙටුම්පතෙන් යෝජනා වී තිබේ.
  • ජනාධිපතිවරයාට යම් විෂයන් හෝ කාර්යයන් තමා යටතේ තබා ගැනීමට ද 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතෙන් යළි අවස්ථාව ලබාදී තිබේ.
  • ජනාධිපතිවරයාට මැතිවරණ කොමිසමේ සාමාජිකයින් තිදෙනා පත් කිරීමටත්, ඉන් එක් අයෙකු සභාපතිවරයා ලෙස පත්කිරීමටත් වගකීම පැවරී තිබේ.
  • නීතිපතිවරයා, පොලිස්පතිවරයා, විගණාකාධිපතිවරයා ඉවත් කිරීමට 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිවරයාට ප්‍රතිපාදන නොතිබුණ ද 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්කෙටුම්පතින් එම අවස්ථාව ලබාදී තිබේ.

සම්පූර්ණ පනත් කෙටුම්පත පහතින් දැක්වේ. (පිටු මාරු කිරීම සඳහා වම්පස පහළ කෙළවර බලන්න)

PL-011963-20th-Amendment-GS

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top