ගත වු පැය 72ක කාලය තුළ විදේශයන්හි සිට පැමිණි කොවිඩ් -19 ආසාදිතයින් 89ක් හමු වී ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.
අද (03) වන විට විදේශ රටවලින් පැමිණ කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනා ගත් සමස්ථ ගණන 1197ක් වේ. එයට විදේශිකයින් 42ක් සහ ලාංකීකයින් 1155ක් අයත් ය. තවදුරටත් විදේශයන් හි සිට පැමිණි පුද්ගලයින් 189ක් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව ද ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරයි.
සමාජය තුළ තවදුරටත් කොවිඩ් -19 වෛරස ආසාදිතයින් අප්‍රේල් 30 වන දින සිට වාර්තා නොවන අවස්ථාවක විදේශ රටවලින් පැමිණෙන ලාංකීකයන් සහ අත්‍යාවශ්‍ය කටයුතු සඳහා පැමිණෙන විදේශකයින්ගෙන් වෛරසය දිවයිනට තුළට පැමිණෙන බව පෙනී යන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
ලංකාව කොවිඩ් -19 විධිමත් ක්‍රියාදාමයක් තුළ පාලනය කළ ආදර්ශමත් රටක් ලෙස පෙන්වා දී ඇතැයි ද පැවසු ශවේන්ද්‍ර සිල්වා, එවැනි අවධියක තවදුරටත් සෞඛ්‍ය අංශ ලබා දී ඇති උපදෙස් වන මුඛ ආවරණ පැළදීම, පුද්ගල දුරස්ථභාවය, නිතර නිතර අත්සේදීම සහ කිවිසුම් යන විට රෙදි කැබැල්ලක් හෝ වැලමිට බාහුවෙන් නාසය සහ මුඛය ආවරණය කර ගැනීම වැනි කරුණුවලට අනුගත විය යුතු බවත් ඔහු අවධාරණය කර සිටියි.
මේ අතර, විශේෂයෙන් දිවයින පුරා පාසැල්වල සියලුම පන්ති ආරම්භ කිරීමත් සමඟ විදුහල්පතිවරුන් හා ආචාර්ය මණ්ඩලය මඟින් පාසල් ළමුන් දැනුවත් කර දෙමව්පියන් සමග එක්ව සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම අනිවාර්ය අංගයක් සේ සලකා පාසල තුළ සහ ඉන් පිටත දී කටයුතු කළ යුතු බවත් ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වැඩිදුරටත් පෙන්වා දෙයි.
එසේම, කොවිඩ් පාලනය කළ රට, නැවත අනාරක්ෂිත වීම වැළැක්වීම සඳහා සෑම ශ්‍රී ලාංකීකයෙකුම තවදුරටත් ක්‍රියාකල යුතු බවත් කොවිඩ් වෛරසයට ගොඳුරු නොවී සිටීම සඳහා තම සමාජ යුතුකම හා වගකීම නිසි ලෙස ඉටුකල යුතු බවත් ඔහු අවධාරණය කරයි.
