Advertise with Giraya
Giraya NewsGiraya News
FEATURES

දේශපාලන හයියකින් කෙරෙන තවත් කඩොලාන විනාශයක්

ඉස්සන් ඇති කිරිම පිණිස පොකුණක් සකස් කර ගැනීමට දේශපාලන හයියක් ලබා ගෙන කෙරෙන තවත් කඩොලාන ශාඛ විනාශයක් සම්බන්ධ තොරතුරු පිළිබඳව ‘ ලංකාදීප’ පුවත්පත අනාවරණය කරයි.

එහි වාර්තා වන පරිදි, අඹකදවිල වැලිහේන කළපු රක්ෂිතයේ බෝට්ටු තොටුපළට ආසන්නයේ සාර්ථක කඩොලාන වගාවක් පවතින අතර ඊට ආසන්නයේ සමහර පෞද්ගලික ඉඩම් වල සමහර ව්‍යාපාරිකයින් කාලෙක සිට ඉස්සන් පොකුණු පවත්වා ගෙන යමින් ඉස්සන් වගාව සිදු කරන බැව් හලාවත අඹකදවිල වැලි හේන ගම්මානයේ ධීවර ජනතාව හෙළි කරති.

ඔවුන් තම ඉස්සන් පොකුණු සදහා නිසි බලධාරින් වෙතින් අවශ්‍යය අවසර පත්‍ර ලබා ගෙන ඇති බවත් පවසා තිබේ.

Giraya News Alerts

පසුගිය කාලයේ දි ඉස්සන් පොකුණු ව්‍යාපාරය පාඩු ලබන තත්ත්වයක පැවැතියත් ‘වනමි’ නමැති ඉස්සන් ප්‍රභේදයක් හදුන්වා දිමෙන් පසු මේ වන විට ඉස්සන් වගාවෙන් විශාල ආදායමක් ලබා ගත හැකි බැවින් අලුතින් පොකුණු සකස් කර බවත් ගෙන යාමට බාධාවක් වි ඇත්තේ ඒ සදහා අවශ්‍යය ඉඩම් ලබා ගැනිමට නොහැකිව තිබිම නිසාය .

එහෙත්, පසුගිය මහා මැතිවරණයේ උණුසුම පහව යාමත් සමගම නව ආණ්ඩුවක් පත්කිරිමට සක්‍රිය දායකත්වය ලබා දි ඇති කණ්ඩායමක් මේ වන විට, අඹකදවිල වැලිහේන ධීවර ගම්මානයේ කළපු රක්ෂිතයේ කඩොලාන වගාව කපා දමමින් නීති විරෝධිව ඉස්සන් පොකුණු සකස් කිරිමේ සුදානමක් ඇති බව ගම්වාසින් පෙන්වා දෙති.

දිවා කාලයේ මෙම කඩොලාන ශාඛ විනාශය සිදු නොවුණත් සමහර රාත්‍රී කාලයේ සහ රජයේ නිවාඩු දිනවල මෙම විනාශය බාධාවකින් තොරව කර ගෙන යන බවත් සඳහන්ය. ඒ ආසන්නයේ පිහිටි තම ඉස්සන් පොකුණු සදහා අවශ්‍යය අමතර පොකුණු සකස් කර ගැනීමට මෙම වන විනාශය සිදු කරන බවත් ගම්වාසීන් පවසති. ඊට එරෙහි වන අයට යම් තර්ජනයන් පවා මේ වන විට එල්ලවෙමින් පවතින බවත් ගම්වාසින් පෙන්වා දෙති. මේ සම්බන්ධයෙන් තමන් මේ වන විට වන සංරක්ෂණ නිලධාරින්ට ද ලිඛිතව දැනුම් දුන් බවත් ඔවුහු කියති.

මේ සම්බන්ධයෙන් හලාවත අඩවි වන නිලධාරි ආර්.ඒ.සී.ඩි. රණසිංහගෙන් විමසූ විට ඒ ඔහු පවසා ඇත්තේ, ‘වැලිහේනේ කළපු රක්ෂිතයේ සිදු කෙරෙන බව කියන කඩොලාන ශාඛ විනාශයක් ගැන ‍මේ දක්වා මා දැනුවත් කර නැහැ. කිසිම අයෙකුට කිසිම ආකාරයට කළපු රක්ෂිතයක ඇති කඩොලාන කපා ඉවත් කිරිමට හෝ වෙනත් කිසිම කාර්යයක් කිරිමට කිසිදු අවසරයක් ලබා දෙන්නේ නැහැ. අපි වහාම වැලිහේනේ සිදු කරන බව කියන කඩොලාන විනාශය ගැන සොයා බලන්නම්. එසේ වැරදි කර ඇති අයට අපි නිත්‍යනූකුලව පියවර ගන්නවා’ යනුවෙනි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top