ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩිගේ නිල ට්ව්ටර් ගිණුම, පෞද්ගලික වෙබ් අඩවිය මෙන්ම ජංගම දුරකථන යෙදවුම අද (03) උදෑසන හැක් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි. ට්විටර් ආයතනය සඳහන් කරන පරිදි මේ වන විට අග්‍රාමාත්‍යවරයාගේ ට්විටර් ගිණුම යථා තත්ත්වයට පත් කිරිමට අවශ්‍ය පියවර ගෙන ඇති අතර මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු ද ආරම්භ කර තිබේ.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ට්විටර් ගිණුම හැක් කිරීමෙන් පසුව, එය අනුගමනය කරන්නන්ට ජාතික අරමුදලට අවශ්‍ය ආධාර ලබා දෙන මෙන් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.
අගමැති නරේන්ද්‍ර මෝඩිගේ ගිණුම 2011 වර්ෂයේ දි ආරම්භ කර ඇති අතර මේ වන විට මිලියන 2.5ක් පමණ අනුගමනය කරන්නන් සිටින අතර ට්විටර් 37,000ක් පමණ අඩංගු වේ.
මීට පෙර ජුලි මාසයේ දී ලොව ජනප්‍රිය චරිත රැසකගේ සමාජජාලා ගිණුම් සඳහා සයිබර් ප්‍රහාර එල්ල වීමෙන් පසුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ පුද්ගලික වෙබ් අඩවියට හා ජංගම දුරකථන යෙදවුමට මෙලෙස සයිබර් ප්‍රහාර එල්ල වීම විශේෂත්වයකි.
