Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

අම්පාර ආසන්න මුහුදේ විදෙස් ඉන්ධන නෞකාවක් ගිනි ගනියි

අම්පාර, සංගමන් කන්ද තුඩුවට නාවික සැතපුම් 38ක් ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ දී ඉන්ධන රැගත් නෞකාවක ගින්නක් හටගෙන තිබෙනවා. “MT නිව් ඩයමන්ඩ්” නම් මෙම නෞකාවේ සේවයේ යෙදී සිටිය කාර්ය මණ්ඩලය බේරා ගැනීමට අවශ්‍ය පියවර නාවික හමුදාව මේ වන විටත් ගෙන ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

මෙම නෞකාව පැනමාවට අයත් වන අතර එය ඉන්දියාව බලා යමින් සිටිය බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කරයි.

මෙම නෞකාවේ කාර්ය මණ්ඩලය බේරා ගැනීම සඳහා ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ සිට නෞකා දෙකක් සහ හම්බන්තොට නාවික හමුදා කඳවුරෙන් එක් නෞකාවක් අදාළ මුහුදු ප්‍රදේශය වෙත යවා ඇති බවත් නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කරයි.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top