Advertise with Giraya
NEWS

ඊයේ වාර්තා වූ ආසාදිතයින් ගණන 10යි, සමස්තය 3101 දක්වා ඉහළට

ශ්‍රී ලංකාවෙන් වාර්තා ඇති සමස්ත කොවිඩ් -19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිතවූවන්ගේ සංඛ්‍යාව මේ වන විට 3101ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. ඒ, ඊයේ (02) දිනය තුළ නව ආසාදිතයින් 10 දෙනෙකු වාර්තා වීමත් සමඟ ය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව වාර්තා කරන පරිද එම වාර්තා වූ ආසාදිතයින් සියළුදෙනා ම විදෙස්ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් වේ. ඔවුන්ගෙන් පස්දෙනෙකු ඉන්දියාවේ සිට ද, දෙදෙනෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ද, දෙදෙනෙකු කුවේට්හි සිට ද, එක් පුද්ගලයෙකු කටාර් සිට ද මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් වේ.

එමෙන්ම, ඊයේ (02) පෙරවරු 10.00 වන විට තවත් ආසාදිතයින් සිව්දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කළා. ඒ අනුව, මෙරටින් වාර්තා වූ ආසාදිතයින්ගෙන් 2883 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇත.

Giraya News Alerts

ඒ අනුව, දැනට වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 206 ක් දක්වා ඉහළ ගොස් ඇත. තවත් පුද්ගලයින් 77 දෙනෙකු සැක පිට වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්ගතව පසුවේ. ජීවිතක්ෂයට පත් වු ආසාදිතයින් ගණන 12කි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top