Advertise with Giraya
NEWS

මේජර් ජනරාල් ප්‍රියංක ප්‍රනාන්දු ඇතුළු පිරිසකට හැටන් අධිකරණයෙන් නොතීසි

මේජර් ජෙනරාල් ප්‍රියංක ප්‍රනාන්දු ඇතුළු යුධ හමුදාවේ කර්නල්වරුන් දෙදෙනෙකුට, මේජර්වරයෙකුට සහ නාගරික සංවර්ධන අධිකාරියට මේ මස 15 දින හැටන් මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනි සිටින ලෙස හැටන් දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් ජේ. ස්ට්‍රෝස්කි විසින් අද (02) දින නොතෙසි නිකුත් කල බව ජනාධිපති නිතිඥ මෛත්‍රී ගුණරත්න පවසනවා.

කොළඹ වානිජ මහාධිකරණයේ (සිවිල්/65/98/1/2018 ) යටතේ සිදුව ප්‍රදේශයේ පදිංචි තම සේවාදායකයාට අයත් හැටන්- නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ කොටගල කොමර්ෂල් ප්‍රදේශයේ පිහිටි විශාල ඉඩමක් සහිත ගොඩනැගිලි කිහිපයක් තම සේවාදායකයාගේ කිසිදු අවසරයකින් තොරව යුධ හමුදාව විසින් නිරෝධායන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාම සදහා බලහත්කාරයෙන් අත්පත් කර ගනිමින් මේ වන විට යුධ හමුදා භට පිරිසක් එම ගොඩනැගිලි වල ස්ථාපනය කර එම භුමිය මේ වන විට යුධ හමුදා කදවුරක් බවට පත් කර ඇති බව ජනාධිපති නිතිඥය මෛත්‍රී ගුණරත්න කියා සිටියි.

තම සේවාදායකයාට වානිජ මහාධිකරණයෙන් වසර පනහක භුක්තියකට හිමි වි ඇති හැටන් කොමර්ෂල් ප්‍රදේශයේ පිහිටි වැඩබිම සහ ගොඩනැගිලි යලිත් තම භුක්තියට ඉල්ලා හැටන් මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කල පෙත්සමක් සලකා බලමින් හැටන් දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත්වරයා මෙසේ යුධ හමුදා නිලධාරින්ට සහ නාගරික සංවර්ධන අධිකාරියට නොතිසි නිකුත් කල බවයි ජනාධිපති නිතිඥය මෛත්‍රී ගුණරත්න මහතා වැඩිදුරටත් පවසයි.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top