නව මානයකින් ලෝකයට නිරාවරණය වීමේ ක්රමෝපායක් යටතේ කොටස් වෙළෙඳපොළ ඩිජිටල්කරණය කිරීමේ ක්රියාවලිය අග්රාමාත්යවරයාගේ උපදෙස්මත ආරම්භ වුනා. ඒ අනුව, සැප්තැම්බර් 17 දින සිට කොටස් වෙළඳපොළෙහි සියලු කටයුතු ඩිජිටල්කරණය වීමට නියමිතයි.
සුරැකුම්පත් හා විනිමය කොමිසන් සභාවේ සභාපති විරාජ් දයාරත්න හා අධ්යක්ෂ ජනරාල් චින්තක මෙන්ඩිස් අග්රාමාත්යතුමා මුණගැසී ප්රකාශ කර ඇත්තේ කොවිඩ්-19 හේතුවෙන් දින 52ක් කොළඹ කොටස් වෙළෙඳ පොළ කටයුතු අඩපණ වුවද, සම්පූර්ණයෙන්ම ඩිජිටල්කරණ වූ පසු කොටස් වෙළඳපොළ නව මුහුණුවරකින් ලොවට පියනැඟීමට නියමිත බවයි.
කොළඹ කොටස් වෙළඳපොළ ඩිජිටල්කරණය කර අවසන් කිරීම දැනුම් දීම සඳහා සුරැකුම්පත් හා විනිමය කොමිසන් සභාවේ නියෝජිතයෝ අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මැතිතුමා හමු වූ අවස්ථාවේ මේ බව සඳහන් කර තිබෙනවා.
එහිදී ලෝකය සමඟ ගණු දෙනු කිරීමේදී මෙන්ම රටේ ඉදිරි සංවර්ධන ක්රියාදාමයන් සමඟින් සුවපහසු මෙන්ම කාර්යක්ෂම සේවයක් කොළඹ කොටස් වෙළඳපොළ තුළින් ලබාදීම ඔවුන්ගේ ප්රමුඛ අරමුණ බව ද අග්රාමාත්යවරයා හමුවූ නියෝජිතයන් පවසා තිබෙනවා.
