ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරුන් 5 දෙනෙකු ගමන් ගත් මෝටර් රථයක් අද (2) බදුල්ල මහියංගණය මාර්ගයේ දුන්හිද හන්දියට නුදුරු සොරණාතොට ප්‍රාදේශීය සභාව ආසන්නයේදී ප්‍රපාතයකට පෙරළී තිබේ.
එහි ගමන් ගත් 5 දෙනාම තුවාල ලබා බදුල්ල මහරෝහලට ඇතුලත් කර ඇතැයි පොලිසිය කියයි. තුවාල ලැබූ කථිකාචාර්යවරු 5 දෙනා අතුරින් සිවු දෙනෙක් කාන්තාවන් බවත් ඉන් එක් කාන්තාවක් ගැබිණියක් බවත් පොලිසිය සදහන් කර සිටිනවා
අඩි 40 පමණ ප්‍රපාතයකට රථය පෙරළී ඇතැයි පරීක්ෂණ පවත්වන පොලිසිය සඳහන් කරයි.
