පානදුර දකුණ පොලිස් ස්ථානයේ සේවය කළ පොලිස් පරීක්ෂකවරයෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා. ඒ, මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගේ සහෝදරියකට අයුතු ලිංගික යෝජනා කිරීමේ සිද්ධියක් අනාවරණය වීම හේතුවෙන් ය.
මෙම සැකකාර පොලිස් පරීක්ෂකවරයා සිය ජංගම දුරකථනයෙන් ඔහුගේම නිරුවත් ඡායාරූප අදාල කාන්තාව වෙත යවා ඇති බවයි මූලික විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ. ඔහු විසින් මෙලෙස ලිංගික අල්ලස් ඉල්ලා ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අදාළ සැකකරු මුදාහැරීම වෙනුවෙන් ය.
මෙම සිද්ධිය අනාවරණය වීමත් සමඟ වහාම ක්‍රියාත්මක වන පරිදිි පානදුර දකුණ පොලීසියේ මෙම පොලිස් පරීක්ෂකවරයාගේ සේවය අත්හිටුවීමට නියෝග කර තිබෙනවා.
