ශ්‍රී ලංකාවෙන් වාර්තා ඇති සමස්ත කොවිඩ් -19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිතවූවන්ගේ සංඛ්‍යාව අද (01) පස්වරු 9.00 වන විට 3092ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. ඒ, දිනය තුළ තවත් ආසාදිතයින් 43ක් වාර්තා වීමත් සමඟය.
රජයේ ප්රවෘත්ති දෙපාර්තුමේන්තුව වාර්තා කරන පරිද එම වාර්තා වූ ආසාදිතයින් සියළුදෙනා ම විදෙස්ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් වේ. ඔවුන්ගෙන් හය දෙනෙකු කුවේට් සිට ද, හය දෙනෙකු මාලදිවයිනේ සිට ද, එක් අයෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ද, තිදෙනෙකු ඉන්දියාවේ සිට ද, විසිහය දෙනෙකු කටාර් සිට ද මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් වේ. තවත් එක් අයෙක් ඉන්දීය ජාතික නාවිකයෙකි.
එමෙන්ම, අද (01) පෙරවරු 10.00 වන විට තවත් ආසාදිතයින් 11 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කළා. ඒ අනුව, මෙරටින් වාර්තා වූ ආසාදිතයින්ගෙන් 2879 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇත.
ඒ අනුව, දැනට වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 201 ක් දක්වා ඉහළ ගොස් ඇත. තවත් පුද්ගලයින් 54 දෙනෙකු සැක පිට වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්ගතව පසුවේ. ජීවිතක්ෂයට පත් වු ආසාදිතයින් ගණන 12කි.
