ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොවිඩ් – 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත වූ පුද්ගලයින් ගණන අද (01) දින පෙරවරු 10.00 වන විට 3071ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි.
ගත වූ පැය 24 තුළ දී නව ආසාදිතයින් 59 දෙනෙකු හඳුනාගෙන ඇති අතර එයින් 54 දෙනෙකු ම කටාර්හි සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් වේ. තවත් දෙදෙනෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකි. අනෙක් තිදෙනා ඉන්දියානු ජාතික නාවිකයින් ය.
ජුලි මාසය තුළ දී නව ආසාදිතයින් 768 දෙනෙකු වාර්තා වූ අතර අගෝස්තු මාසය තුළ දී වාර්තා වූ නව ආසාදිතයින් ගණන 233කි. ඒ අනුව, ජුලි මාසයට සාපේක්ෂය අගෝස්තු මාසය තුළ දී නව ආසාදිතයින්ගේ වාර්තා වීම 535කින් අඩු වී ඇත. ජුලි මාසය තුළ දී වාර්තා වූ ආසාදිතයින්ගෙන් සුවය ලැබූ ප්‍රමාණය 680ක් වන අතර අගෝස්තු මාසය තුළදී එය 477 දක්වා අඩු වී ඇත. එමෙන්ම, ජුලි මාසය තුළ දී සිදු කර ඇති පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය 52,526ක් වේ. අගෝස්තු මාසයේ දී එම ප්‍රමාණය ඉක්මවා ගොස් පී.සී.ආර්. පරීක්ෂණ 67,813ක් සිදු කර ඇත.
අගෝස්තු මාසය තුළ දී ශ්‍රී ලංකාවේ දෛනිකව සමස්ත ආසාදිතයින්ගේ ප්‍රමාණය හා සක්‍රීය ආසාදිතයින්ගේ ප්‍රමාණයේ සිදු වූ වෙනස්වීම පහතින් දැක්වේ.

අගෝස්තු මාසයේ දී දෛනිකව වාර්තා වූ ආසාදිතයින් ගණන හා සුවය ලැබූ ගණන පහතින් දැක්වේ.

ඒ අනුව, අද (01) පෙරවරු 10.00ට වාර්තා වී ඇති රෝගීන් 3071 දෙනා අතරින්,
- වෙනත් රටවල්වලින් පැමිණි (විදේශික) – 43
- වෙනත් රටවල්වලින් පැමිණ (ලාංකික) – 1135
- නාවික හමුදා සාමාජිකයින් සහ ආශ්‍රිතයින් – 950
- කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථාන සාමාජිකයින් සහ ආශ්‍රිතයින් – 630
- වෙනත් – 313
එමෙන්ම, අද (01) පෙරවරු 10.00 වන විට තවත් ආසාදිතයින් 11 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ අනුව, මෙරට වාර්තා වූ ආසාදිතයින්ගනේ 2879 දෙනෙකු සුවය ලබා ඇත. දැනට වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 180ක් වේ.
ඒ අනුව, මේ වන විට මෙරටින් වාර්තා වූ සමස්ත රෝගීන් 3071ක ප්‍රමාණයට සාපේක්ෂව සුවය ලැබූ ප්‍රමාණය 93.7%ක් ලෙස වාර්තා වේ. සක්‍රීය ආසාදිතයින් ප්‍රමාණය පසුගිය අගෝස්තු 04 වන දින 4.4% ලෙස සටහන් විය. අද (01) දිනයේ දී එය 5.8%ක් දක්වා වැඩි වී තිබේ. ජීවිතක්ෂයට පත් වූ ප්‍රමාණය 0.39%ක් ලෙස ද සටහන් වේ.

මේ දක්වා ශ්‍රී ලංකාවේ සිදු කර ඇති පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය 228,052ක් වේ. ශ්‍රී ලංකාවේ එක් දිනකදි සිදු කළ වැඩිම පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය වන 3518ක් වූ ප්‍රමාණය අගෝස්තු 18 වන දිනය තුළ දී සිදු කර ඇත. ඊයේ (31) දිනයේ දි සිදු කර ඇති පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය 1941ක් වේ.
වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරන අන්දමට අද (01) දින පෙරවරු 10.00 වන විට එම රෝහල්ගතව ප්‍රතිකාර ගනිමින් සිටි රෝගින් 180 දෙනාගෙන්,
- ජාතික බෝවන රෝග විද්‍යායතනයේ 35ක් ද,
- වැලිකන්ද මූලික රෝහලේ 66ක් ද,
- ඉරණවිල රෝහලේ 38ක් ද,
- මුල්ලේරියාව රෝහලේ 02ක් ද වශයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියි.
- තවත් රෝගීන් 39 දෙනෙකු රෝහල් වෙත යොමු කරමින් පවතියි.
එමෙන්ම, පුද්ගලයින් 54ක් සැක සහිතව රෝහල්ගතව වෛද්‍ය අධික්ෂණය යටතේ පසුවේ. ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව 12කි. අවසාන වරට කොරෝනා මරණයක් මෙරටින් වාර්තා වූයේ දින 83කට පසුව අගෝස්තු 23 වන දිනයේ දී ය.
