Advertise with Giraya
NEWS

කරදියානට කසල බැහැර කිරීමේ තහනම තාවකාලිකව ඉවතට

පළාත් පාලන ආයතන හතකට අදාළව පනවා තිබූ කරදියාන කුණු කන්දට මිශ්‍ර සහ අවශේෂ කසළ බැහැර කිරීමට නොහැකි වන ලෙස බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය විසින් පනවා තිබූ තහනම තාවකාලිකව ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ අධ්‍යක්ෂ නලින් මාන්නප්පෙරුම පැවසුවේ, අද (01 ) සිට පනවා තිබූ තහනම දින කිහිපයකට අතිහිටුවමින් සීමා සහිතව කසළ බාර ගැනීමට පියවර ගත් බවයි. පළාත් පාලන බල ප්‍රදේශ 7 ක ජීවත්වන මිලියනයක පමණ ජනතාව අපහසුතාවයට පත්වන අයුරින් කටයුතු කළ නොහැකි බව වැඩිදුරටත් ඔහු පැවසුවේ ය.

ඒ අනුව බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමණාකරණ අධිකාරි සභාපතිවරයා වන චමිල හේරත් මහතාගේ උපදෙස් මත පනවා තිබූ තහනම තාවකාලිකව ඉවත් කරන බව සඳහන් කළ ඒ මහතා අදාළ පාර්ශ්ව සමග සාකච්ඡා කිරීමෙන් ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව සැලසුම් ක්‍රියාත්මක කරන බවද පැවසීය

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top