Advertise with Giraya
NEWS

කටාර් සිට එකම ගුවන් යානයේ පැමිණි 54කට කොරෝනා

පසුගියදා කටාර් සිට මෙරටට පැමිණි ගුවන් යානයේ සිටි මගින් 398 දෙනෙකු අතරින් 54 දෙනෙකුට කොවිඩ් – 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරු වී තිබෙනවා.

වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ප්‍රකාශ කළේ, පසුගියදා කටාර් සිට දිවයිනට පැමිණි මෙම ගුවන් යානයේ ගුවන් මගීන් 398 දෙනෙකු සිට ඇති බවයි.

මෙම 54 දෙනා අතරින් 22 දෙනෙකු අද (01) උදෑසන හඳුනාගෙන ඇති අතර අනෙක් 32 දෙනා ඊයේ (31) පස්වරුවේදී හඳුනාගෙන ඇත. ඒ අනුව, මේ වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත ආසාදිතයින් ගණන 3071ක් ලෙස ඉහළ ගොස් ඇති අතර සක්‍රීය ආසාදිතයින් ගණන ද 191 දක්වා ඉහළ ගොස් ඇත. සුවය ලැබූ ආසාදිතයින් ගණන 2868ක් වේ.

Giraya News Alerts

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top