මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ නිල වෙබ් අඩවියට ඊයේ (31) දිනයේ දී සයිබර් ප්‍රහාරයක් එල්ල වූ බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල සඳහන් කරයි.
‘හැකර්වරු’ විසින් මෙම සයිබර් ප්‍රහාරය එල්ල කරන්නට ඇතැයි සැකකරන බවත් ඔවුන් කවුරුන්ද යන්න පිළිබඳ හෙළි කරගැනීම සඳහා පරීක්‍ෂණ සිදුකරන බවත් පැවසු දියවඩන නිලමේවරයා සයිබර් ප්‍රහාරයට ලක්වූ දළදා මාලිගාවේ නිල වෙබ් අඩවිය මේ වන විට යථා තත්වයට පත්කරගෙන යන බව ද වැඩිදුරටත් පැවසීය.
දළදා මාලිගාවේ නිල වෙබ් අඩවියට අද (31) පෙරවරුවේ මුල්ම සයිබර් ප්‍රහාරය එල්ල වූ බවත් ඉන් අනතුරුව පස්වරුවේ තවත් සයිබර් ප්‍රහාරයක් එල්ල වූ බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
